අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය වර්ජනයට සෞඛ්‍ය ලොක්කෝ දුන් විසඳුම් මෙන්න..

by Lanka Sara Editor
දෙසැම්බර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද අත්හිටුවූ අතර ඔවුන් ඊට හේතු දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහත දැක්වේ.

“වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණයට අනුව වෛද්‍ය පත්වීම් වලට සිදු කරන දේශපාලන මැදිහත්වීම් වලට විරෝධය පාමින් පසුගිය දෙසැම්බර් 21 වැනිදා ආරම්භ කල දීප ව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය (4 වන දිනයටත්) අද දක්වා ක්‍රියාත්මක විය.

ගරු සෞඛ්‍ය අමාත්‍යතුමන් සමඟ දෙසැම්බර් 22 වැනිදා පැවති සාකච්ඡාවෙන් පසු ඊයේ දිනයේදි, සෞඛ්‍ය අමාත්‍යංශයේ විසඳුම් දැක්වෙන ලිපියක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමන්ගේ අත්සනින් අප වෙත ලැබීමට සලස්වා ඇත. අද දින රැස් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමන් ලබාදුන් විසඳුම් සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය කරන ලදී.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

1. සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ මැදිහත්වීමෙන් විශේෂඥ වෛද්‍ය මාරු මණ්ඩලවල තීරණයට පටහැනිව සැකසු විශේෂඥ පත්වීම් ලැයිස්තුව නැවතත් සියළු පාර්ශවකරුවන්ගේ එකඟතාවයෙන් පුළුල් සාකච්ඡාවකින් අනතුරුව නිවැරදි කිරීමට තීරණය කර ඇත.
2. පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් සම්බන්ධව මාරු මණ්ඩල හා දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් ගත යුතු තීරණ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික දැනුම නොමැති බැවින් ඒ පිළිබඳ උපදෙස් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් විමසා සිටීමට සිදු වන බව දන්වා ඇත.
3. විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු මණ්ඩල පිළිබඳ ගැටළුවේදි ගත් ස්ථාවරයට වඩා පටහැනි ස්ථාවරයක් ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්ඩල වලදී සෞඛ්‍ය අමාත්‍යංශය දරණ බව නිරීක්ෂණය වේ.
4. වෛද්‍ය ස්ථානමාරු සම්බන්ධ චක්‍රලේඛණයේ හා ගැසට් පත්‍රයේ නිර්වචනය කර ඇති “බලාත්මක දිනය” යන යෙදුම වෛද්‍ය පරිපාලකයින්ට වටහා ගත නොහැකි බැවින් මෙතෙක් කල් ක්‍රියාත්මක කළ “බලාත්මක දිනය” ගැන නැවතත් තේරුම් කර දෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බව පෙන්වා දී ඇත.
5. කැබිනට් මණ්ඩලය විසින් මින් මාස 6 කට පෙර වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ ගැටළු විසදීම සඳහා පත් කිරීමට තීරණය කළ ස්වාධීන කමිටුව සඳහා සභාපතිවරයෙක් ඔවුනට මෙතෙක් සොයාගැනිමට නොහැකි වූ බව පෙන්වා දී ඇත.
6. පසුගිය අගොස්තු මාසයේ සති දෙකකින් ගැසට් කරන බවට පොරොන්දු වු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණ රෙගුලාසි ගැසට් කිරීමට මෙතෙක් අපොහොසත් වී ඇති බව ඔවුන් පිලිගෙන ඇත.
7. සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පරිපාලනයේ දුර්වලතා නිසා විසඳිමට නොහැකි වු අපගේ ඉල්ලීම් විසඳිම සඳහා නිශ්චිත කාලවකවානුවක් පෙන්වා දීමට තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වී ඇත. ඒ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියේ එම විසඳුම් ක්‍රියාත්මක කරවන දිනයක් සඳහන් නොවීම තුලින් පැහැදිලි වේ.

සෞඛ්‍ය අමාත්‍යංශය ඉහත පරිදි පිළිගෙන ඇති වෛද්‍ය පරිපාලකයන්ගේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ වැරදි නිවැරදි කර ගැනීම සඳහාත්, මේ පිළිබදව දේශපාලන නායකයින්, ආගමික් නායකයින් හා මහජනතාව දැනුවත් කිරීම සඳහාත්, ඉදිරි සතියේ එළඹෙන ආගමික උත්සව සමයේ ජනතාවට වන අපහසුතාවයත් සැලකිල්ලට ගෙන අප වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අද දින ප.ව 4.00 සිට අත්හිටුවන නමුත්, යම් හෙයකින් එම වැරදි නිවැරදි කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වුවහොත් 2022 ජනවාරි මස 3 වැනි දින රැස්වන මධ්‍යම කාරක සභාව විසින් වඩාත් තීව්‍ර ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යොමු වීමේ තීන්දු තීරණ ගැනීමට, අද දින රැස් වූ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදි තීරණය විය.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොඳින්ම සංරක්ෂිත ඩයිනෝසර කළලයක් චීනයෙන් හමුවේ… කළල පැටියාගෙ වයස අවුරුදු හය කෝටි හැට ලක්ෂයයි!

Next Post

සීමාවාසික පත්වීම් අවලංගු කළ කතා බොරු

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.