අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොඳම ඇඳුම් නිර්මාණයට හිමි සම්මානය පිරිනැමීමට උපන් ඇඳුමින් පැමිණි ජෝන් සීනා….

by lankasara-editor
මාර්තු 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (10) පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී 46 හැවිරිදි වෘත්තීය රෙස්ලින් ක්‍රීඩකයෙකු සහ නළුවෙකු වන ජෝන් සීනා වෙත සියල්ලන්ගේම අවධානය යොමු ව තිබේ. ඒ, සම්මාන උළෙලේ විකාශනය අතරතුර හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන සම්මානය පිරිනැමීමට ඔහු ව වේදිකාවට කැඳවන අවස්ථාවේ  ඔහුට තමාගේ ඇඳුම අමතක වී ඇති ආකාරයක් දකින්නට තිබූ බැවින් ය.

සැබවින්ම ජෝන් සීනා හොලිවුඩයේ පැවැත්වෙන වසරේ කීර්තිමත්ම උත්සවයේ වේදිකාව මත පෙනී සිටියේ නිරුවත්ව ය.  සම්මාන උළෙල මෙහෙය වූ ජිමී කිමෙල් 1974 වසරේ ඇකඩමි සම්මාන උළෙලේ දී සිදු වූ මෙවැනිම සිදුවීමක් සිහිපත් කරමින් “අද නිරුවත් මිනිසෙකු වේදිකාව හරහා දිව ගියහොත් ඔබට එය සිතාගත හැකිද? එය පිස්සුවක් නොවේද? ” යි පැමිණ සිටි පිරිසගෙන් විමසා තිබේ. ඉන් පසුව ජිමී කිමෙල් සහ ජෝන් සීනා අතර පැවති හාස්‍යජනක සංවාදය පැමිණ සිටි සියල්ලන් සිනා සයුරකට ඇද දැමීය.

කිමෙල් අවසානයේ ජෝන් සීනාට හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන සම්මානය පිරිනමන ලෙස ඉල්ලා සිටි අතර ඔහු ජයග්‍රාහකයාගේ නම සඳහන් ලියුම් කවරයෙන් තම ඉදිරිපස ආවරණය කරගනිමින් වේදිකාව හරහා මයික්‍රෆෝනය වෙත ගමන් කර තිබුනි. ඉන් පසුව ඔහු “ඇඳුම් පැලඳුම්, ඒවා ඉතා වැදගත් සමහර විට එතන තියෙන වැදගත්ම දේ වෙන්න පුළුවන්” යැයි ප්‍රකාශ කලේය. කිමෙල් නම් කරන ලද නාමයෝජනා ප්‍රකාශයට පත් කළ අතර ඒ අවස්ථාවේ දී කිමෙල් තිර ආවරණයකින් සීනාගේ සිරුර ආවරණය කර ගැනීමට සහය වී තිබේ. හොඳම ඇඳුම් නිර්මාණයේ සම්මානය ජයග්‍රහණය කලේ පුවර් තිංග්ස්  චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය වෙනුවෙන් හොලී වඩිංටන් ය.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය, ජෝන් සීනා ඒ අවස්ථාවේ සම්පූර්ණයෙන් නිරුවත්ව නොව සිරුරේ පැහැයට සමාන ඇඳුමක් ඇඳ සිටි බව වාර්තා කර තිබෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු නැකැත් සීට්ටුවෙන් රටට වස් වදින බව කියන්න ජ්‍යොතිර්වේදීහු පිරිසක් මහා නා හිමිවරු හමුවන්න යති!

Next Post

පාසලේ  මැරතන් තරගයක් අතර අසාධ්‍ය වී මිය ගිය  16 හැවිරිදි විදූෂන්…. ( වීඩියෝ සහිතයි)

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.