ලලිත් චාමින්ද –
අන්තර්ජාල පහසුකම් හා දුරකථන සංඥාවල පවතින අවහිරතා නිසා දකුනු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල මොරකැටිය ගම්මානයේ පාසල් දරු දැරියන්ට කිලෝමිටර් 04ක් පමණ දුරගෙවා පොල්හේන කදුමුදුනට නැග ඔන්ලයින් හරහා අධ්‍යාපන කටයුතුවල නිරතවිමට සිදුවි ඇත.
සංඥා පහසුකම්වල පවතින දුර්වලතා නිසා මොරකැටිය ගම්මානයේ දරු දැරියන් මෙන්ම පත්තාර, මාගෙදරකොළණිය, කළුවගල යන ගම්මානවල දරු දැරියන්ද දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත.
මොරකැටිය ගම්මානයේ සිට පොල්හෙන කදුමුදුනට යාම සඳහා ඇත්තේ අති දුෂ්කර මාර්ගයකි. පොල්හේන කදුමුදුනේ ගල්තලාව මත අට්ටාලයක් ඉදිකොට මෙම දරු දැරියන් ඔන්ලයින් හරහා අධ්‍යාපන කටයුතුවල නිරතව සිටිති. ඇතැම් දරු දැරියෝ ගස් මතට නැගි අධ්‍යාපන කටයුතුවල නිරතව සිටිති. මෙම තත්වය නිසා මෙකි ගම්මානයේ දෙමව්පියන්ටද තම දරුවන් සමග කදුමුදුනට යාමට සිදුවි ඇත. මෙකි ගම්මානයේ පදිංචි ජනතාවගේ ප්‍රධාන ජිවන මාර්ගය තේ වගාව වන අතර කොරෝනා වසංගතයත් සමග ගම්වැසියන්ද ආර්ථික වශයෙන් ගැටලු රැසකට ලක්ව සිටිති.
කොරෝනා වසංගතය ආරම්භයේ සිට මේ දක්වා මෙම ගම්මානයේ දරු දැරියන් ඔන්ලයින් හරහා අධ්‍යාපන කටයුතු මෙම කඳුමුදුන මත සිට සිදුකරගෙන යති.
ඔන්ලයින් හරහා අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මෙසේ දැඩි අරගලයක යෙදනේනේ ඩිජිටල් ඇමතිගේ පලාතේ දරුවන් වීම විශේෂය.