බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙළිකොප්ටරෙන් වන්දනාවෙ ආපු අගමැති  අනුරාධපුරයේ දී  හූ කෑ විත්තියේ මුල මැද අග…

by editor
මැයි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර විශේෂ –

මිනිස්සු තෙල් පෝලිම්වලය. බඩට බත් ඇටයක් නැතිව හාමතේය. ඒ මිනිස්සුන්ගේ ඔළුවලට උඩින් අගමැති මහින්ද රාජපක්ෂ අටමස්ථානය වඳින්නට කොළඹ සිට හෙළිකොප්ටරයෙන් අනුරාධපුරයට ආවේය.

අනුරාධපුරයේ මිනිස්සු අටමස්ථානයට වඳින්නට ගිය අගමැතිට හූ කීහ. හොඳටෝම හූ කීහ. අගමැතිවරයා  පැමිණි ලජ්ජාවට වන්දනාව කරගෙන ආ පයින් කොළඹ ආවේය.

මේ ඒ කාතාවය.

අගමැති අනුරාධපුරයට ආවේය. ඒ හෙළිකොප්ටරයෙනි.  අද  (08) පෙරවරු 7.50 ට පමණ හෙලිකොප්ටර්  අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගොඩබෑවේය.

අගමැතිවරයා අටමස්ථාන භූමියට ආවේ පෙරවරු  8.10 ට පමණය. ඔහු අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක්කේය.  ලොකු හාමුදුරුවෝ අගමැති තුමාට ආශීර්වාද කළහ. අනතුරුව ඔහු   උඩ මළුවට ගොස් ජය ශ්‍රී මහා බෝසමිදුන් වැද පුදා  ගත්තේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ අවස්ථාවේ දී එම ස්ථානයේ සිටියේ බැතිමතුන්ය. අගමැති ඔවුන් අතරින් ඇවිද ගියේය. මේ සාමාන්‍ය මිනිස්සු අතර ජය සිරිමහා හාමුදුරුවන් වැඩ සිටින පහත මළුවේ  සිටි පුද්ගලයෙක් මුලින්ම අගමැතිවරයාට මුහුණටම සිය විරෝධය පල කළේය.

අනතුරුව පෙරහර මාවත අසලට පැමිනෙන විට එහි සිටි අයෙක් ද අගමැතිවරයාට අසලට ගොස් ඔහුට විරෝධය පල කළේය.

එම විරෝධය සහිතවම අගමැතිවරයා  රුවන්වැලි සෑයට ගියේය.  ප්‍රථමයෙන් ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක්කේය. හාමුදුරුවෝ  අගමැතිට ආශීර්වාද කළහ.

මේ වනවිට අගමැති අටමස්ථානයට පැමිණ ඇති බව අනුරාධපුරයේ ගෝඨාගෝගම කලාපයට දැගන්නට ලැබී තිබිණි.  එහි උද්ඝෝෂකයෝ හැකි අයුරින් එම පණිවිඩය හතර අතේ බෙදූහ.  ආරංචියට මිනිස්සු විරෝධතා පුවරුත් සහිතව රුවන්වැලි සෑයේ රථ ගාල අසලට එක් රොක් වෙමින් සිටියහ.

සෑ රදුන් වන්දනා කළ අගැමති වරයා පිටත් වන්නට සැරසුනේය.  අගමැති  රථගාලට එන විට එකම හූවය.    රුවන්වැලිසෑයේ රථ ගාලේ මොහොතකින් ප්‍රබලා  විරෝධතාවයකි.  රැස්ව සිටි පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කොට හූ කියමින්  විරෝධය පළකරන්නට වූහ.

අගමැති ආරක්ෂකයින් සිටියේ නිරුත්තරවය.   ඔවුන් වහාම  ක්‍රියාත්මක වී හූ හඩ මධ්‍යයේ අගමැති එම ස්ථානයෙන් ඉවත් කරගත්හ.  විරෝධතාවය දරාගෙන අගමැති ගියේ   මිරිසවැටිය විහාරස්ථානයටය.

පිරිස එකා දෙන්නා එකතු වූහ. විරෝධතා කරුවෝ හූ කියමින් අගමැති සහ ප්‍රභූ ආරක්ෂක රථ පසුපස හඹා ගියහ.

අග්‍රාමාත්‍යවරයා   මිරිසවැටිය විහාරස්ථානය වෙත ඇතුලුවීමත් සමග මිරිසවැටිය රථ ගාලා විරෝධතා භූමියක් විය. මිනිස්සු  විවිධ වැකි සඳහන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය  කරමින් අග්‍රාමාත්‍යවරයාට විරෝධය කරමින් සිටියහ.

මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන්ය.  උන්වහන්සේලා අපේ මල්වතු මහා නායක හාමුදරුවන්ට වඩා බොහෝම වෙනස්ය.  මිනිස්සුන්ගේ විරෝධතාව හූ හඬ මැද්දේ පැමිණි    අග්‍රාමාත්‍යවරයා පිළිගෙන සාද කතා පවත්වා ආශීර්වාද කර  මිරිසවැටිය වැන්දවූහ.

මිනිස්සු එකම පහත රථගාලේ විරෝධතාවයකය.    අගමැතිවරයා එනකොට අනුරාධපුරයේ තිබූ  කැටයම් සියල්ල අහෝසිය.  මිරිසවැටියෙන් හූ හඬ මැද පිටවූ අගමැති කෙළින්ම නැවතුනේ  ගුවන් හමුදා කදවුරේය.   ශ්‍රී ලංකා ගුවන් හමුදාවට  අයත් හෙලිකොප්ටර් යානයෙන්ම පෙරවරු 10.25 ට පමණ අගමැති කොළඹ ආවේය.

Former president & current prime minister @PresRajapaksa was hooted off by people in Anuradhapura. He was the most respected & admired member of the Rajapaksa family.#lka #SriLanka #GoHomeRajapakshas #GoHomeMahinda #SriLankaProtests #SriLankaCrisis #පන්නමු pic.twitter.com/sWA3NOMArw

— Prasad Welikumbura (@Welikumbura) May 8, 2022

 

කොළඹ පැමිණි බව නොදත්  මිනිස්සු ඔහු එතැයි විශ්වාස කළ තැන්වල බැනර් පුවරු සහිතව විරෝධතා සඳහා එක් රැස්වෙමින් සිටියහ. එසේ විශ්වාසකළ එක් තැනක් වූයේ අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ ඥානක්කාගේ දේවාලය ය.

පිරිසක් විරෝධතා පුවරු රැගෙන කෙලින්ම ගොස් සිටියේ ඥානක්කාගේ දේවාලය ඉදිරියටය.  පුවරු ප්‍රදර්ශනය කරමින් එහි රැදී  විරෝධතා දැක්වූ  පිරිස අග්‍රාමාත්‍යවරයා වන්දනාව බාගෙට දමා   කොළඹ   ගිය බව දැන ගැනීමට ලැබීමත් සමග   විරෝධතාවය  නිමා කර ගෙවල්වලට ගියේය.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දුටුගැමුණුට වඩා පොඩ්ඩක් පහළන් ඔසවා තැබූ තැන අනුරාධපුරය ය. රුවන්වැලි සෑ රදුන්ට පොඩ්ඩක් පොඩියට සඳහිරු සෑය හදා දුටුගැමුණු ගාවින්ම හිටගන්නට හැදූ භූමියේ  දී ඔහු  මේ තරම් ඉක්මනින් කුජීත වනු ඇතැයි මේ ලියන මා වත් කියවන ඔබවත් කල්පනා කර තිබුණේ නැත.

සුදුසුකාලයේ දී නියමිත පරිත්‍යාගය කරන්නට අසමත් බලලෝභී මිනිස්සුන්ගේ සැබෑ පෞරුෂය එළි දැක නිරුවත්වන විට සිදුවන දේ අගමැතිවරයා විෂයෙහි සිදුවෙමින් ඇත්තේය.

“අනේ හප්පේ… කොහොමට ඉන්න හිටිය මනුස්සයෙක් ද?“ හූ හඬ මැද යන අගමැති දකිමින් වියපත් ආච්චි අම්මා කෙනෙක් මූණට අත තියාගෙන කියනු අසාගෙන සිටියෙමි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කඳුළු ගෑස් ගහන්න එපා – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

Next Post

ඒ අගමැති මා ද කියා මා වත් තව දන්නෙ නෑ – කරූ ජයසූරිය

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.