පවතින ඉන්ධන හිඟය නිසා පුද්ගලික බස්රථවලින් සියයට 70ක් අද ධාවනයෙන් ඉවත් කර ඇති බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන අංජන ප්‍රියන්ජිත් පවසයි.
තෙල් නොලැබී යෑමේ අවදානම තුළ අද හවස වනවිට එය සියයට 80 – 90 දක්වා ඉහළ යන බව පෙනෙන්නට ඇතැයි ඔහු කියයි.
“අපි විශේෂයෙන් ප්‍රවාහන ඇමති තුමාට කියනවා අනේ ඇමති තුමා, ශ්‍රී ලංගමයෙන් හරි කමක් නෑ.. ඔබතුමා කියන විදිහට ඩීසල් ටික දෙන්න… නැතිනම් බස් ටික දුවාගන්න විදිහක් නෑ…“
ලේකම්වරයා කීවේය. අයිඕසී සමාගම ඉන්ධන මිල වැඩි කළා සේ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමුවහොත් අනිවාර්යයෙන් සැලකිය යුතු අගයකින් බස් ගාස්තු ඉහළ දැමීමටට සිදුවන බව ද ලේකම් වරයා කීවේය.
මේ මස 07 දා පාසල් ආරම්භ කිරීමට පෙර පාසල් ප්‍රවාහන සේවා සඳහා ඉන්ධන ලබා දීමේ නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කරන්නැයි මේ අතර පාසල් ප්‍රවාහන සේවා සංගම් ඉල්ලා සිටියේය.
එසේ නොවුනහොත් පාසල් ප්‍රවාහන සේවා පවත්වාගෙන යෑමෙන් ඉවත් වීමට සිදුවන බවද ඔවුන් පෙන්වා දුන්නේය.