ඉඳුනිල් කහටපිටිය –
හෙට එනම් 28 වන දා නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ පහල කඩුගන්නාව ප්‍රදේශයේ විනාඩි 15කට පමණ වසා තබනු ඇතැයි කෑගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒහෙත් හෙට දිනයේ මාර්ගය වසා තබන බවට පැතිර යන පුවත අසත්‍ය බව ද එම මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ අනුෂ්ක චමිල කියයි.
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ බෑවුම් සහිත කොටසක ගල් ඉවත් කිරීම සඳහා බෝර දැමීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා ගතවන සුලු මොහොතකට පමණක් නුවර කොළඹ මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන ධාවනය කිරීම නතර කරන බවත් ඔහු පැවසීය.
ඒ සඳහා ගත වන්නේ විනාඩි 15 ක් පමණ සුලු වේලාවක් බැවින් ජනතාව ඒ සම්බන්ධව කලබල වීම අනවශ්‍ය බවත් කෑගල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂවරයා පැවසීය.
මේ දිනවල පවතින තද වර්ෂාව සහිත කාලගුණය බෝර දැමීමට සැලසුම් කරන කාලය පිළිබඳව කලින් දැනුම් දීමට නොහැකි බවත් වැඩිදුරටත් සඳහන් කර ඇත.