නව ආණ්ඩුවක් පිහිටුවීම හෙට (10) පෙරවරුවේ පැවැත්වෙන විශේෂ පක්ෂ නායක රැස්වීමෙන් පසු සිදුවන බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයින් සමග අද රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ දි පැවැති සාකච්ඡාවේ දී ය.
නව ආණඩුවේ අගමැති ධුරය සඳහා නිර්පාක්ෂික නායකයෙක් පත් කරන ලෙස කළ ඉල්ලීම ජනාධිපතිවරයා මෙහිදී පිළිගත් බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අචාර්ය ඕමල්පේ සෝබිත හිමියෝ ලංකාසරට පැවසූහ.
අලුතින් පිහිටුවන ආණ්ඩුවේ ඇමති මණ්ඩලය පහළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත විය යුතු අතර එහි වැඩකටයුතු ඉදිරියට ගෙනයෑමට උපදේශක සභාවක් ස්ථාපිත විය යුතු බව මෙහිදී සර්ව ආගමික නායක තුමන්ලා පෙන්වා දී තිබේ.
තවත් යෝජනා කීපයක් පිළිබඳව සර්ව ආගමික නායකයින් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවේ දී අවධානය යොමු වී ඇත.