අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෘද සැත්කම්වල ඛේදවාචකය … අත්‍යාවශ්‍ය  ඖෂධ,  ශල්‍ය උපකරණ සහ ශල්‍ය පරිභෝජක භාණ්ඩ වර්ග 08ක් රටේ නෑ!

චන්න... එන්න... උත්තර දෙන්න....

by editor
අප්‍රේල් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අත්‍යාවශ්‍ය  ඖෂධ,  ශල්‍ය උපකරණ සහ ශල්‍ය පරිභෝජක භාණ්ඩ වර්ග 08ක්  වෛද්‍ය සැපයුම් අංශය සතුව නොමැතිවීම හේතුවෙන්  විවෘත හෘද සැත්කම් වලට ( බයිපාස් සහ අනෙකුත් ) ලක් වීමට නියමිතව  පොරොත්තු ලේඛනයේ සිටින සහ හදිසි හෘද සැත්කම් වලට ලක් වීමට නියමිතව සිටින සියලුම රෝගීන්ගේ ජීවිත අවදානමක පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීහු හෙළිදරවු කරති.

රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන සිය වෘත්තීයභාවය අයාලේ යවමින් ලජ්ජා සහගත අතාර්කික දේශපාලන ප්‍රකාශ කරමින් සිටියද  තව දින කිහිපයකින් පසු  ජාතික සෞඛ්‍ය සේවාව   බිහිසුණු ආපදාවකට මුහුණ දීමට නියමිතව ඇති ආකරය ඔවුහු සහේතුකව පෙන්වා දෙති.

රජයේ රෝහල් ලෙස මේ රට තුළ හෘද සැත්කම් කරනුයේ කොළඹ, මහනුවර ජාතික රෝහල් දෙකෙහිත්, කරාපිටිය,  යාපනය ශික්ෂණ රෝහල දෙකෙහිත් රිජ්වේ ආර්යා ළමා රොහලෙහි පමණි.

මෙම සැත්කම් සඳහා සියලුම ඖෂධ   ශල්‍ය උපකරණ සහ ශල්‍ය පරිභෝජක භාණ්ඩ ආනයනය කරනු ලබන නමුත් වසරක කාලයක පමණ සිට ඒවා නියමිත කාලයට නොලැබී යන තත්වයක් උද්ගතවූ  ආකාරය රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.  .

වෛද්‍ය සැපයුම් අංශය දැනුවත් කළද කිසිදු ධනාත්මක පියවරක් ගෙන නැති බවත් ටෙන්ඩර් කැඳවා ණයවර ලිපි නිකුත් කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ප්‍රතිපාදන නැති බවත්  එම ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔවුන් පවසන පරිදි අත්‍යවශ්‍ය සහ දැනට වෛද්‍ය සැපයුම් අංශය සතුව නැති ඖෂධ,  ශල්‍ය උපකරණ සහ ශල්‍ය පරිභෝජක භාණ්ඩ  ලයිස්තුව මෙසේය.

  1. Compound sodium lactate solution ( Hatrmanns solution)
  2. Surgical Drapes for
  3. බයිපාස් සැත්කම් වලට අත්‍යවශ්‍ය ඉතා සංවේදී සහ සියුම් මැහුම් වර්ග. ( Very essential suture materials)
  4. කෘත්‍රිම හෘද කපාට – ද්වි තුණ්ඩ සහ ත්‍රිතුණ්ඩ ( යාන්ත්‍රික සහ ජෛවීය පටක වලින් තැනුනු ) ( Biological & mechanical heart valves of Aortic & Mitral , Mitral annuloplasty rings)
  5. බයිපාස් සැත්කම් වලට අත්‍යවශ්‍ය යා විශේෂ ශිරා සහ මහා ධමනි වලට යොදා ගන්නා කැතීටර සහ කැනියුලා වර්ග. ( Arterial & all types of venous cannula)

06.හෘද ක්‍රියාකාරීත්වය සැත්කම කරන කාලය තුළ තාවකාලිකව නවතා දැමීමට යොදා ගන්නා කැනියුලා වර්ග.

  1. හෘද පටක වෙනුවට සැත්කම් වලට යොදා ගන්නා කෘත්‍රිම පැච් වර්ග ( graft)
  2. සැත්කම අතරතුර හෘද සහ පෙනහළු ක්‍රියාකාරීත්වය කෘත්‍රිමව සිදු කරන Oxygenators වර්ග.

රජයේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා  මසකට පොරොත්තු ලේඛනයට රෝගීන් සිය ගණනක් එකතු වීම සාමාන්‍ය සිද්ධියක් බවත් මෙසේ එකතුවන බොහෝ රෝගීන්    පුද්ගලික රෝහල්වලින් තම සැත්කම් සිදුකරගත නොහැකි අසරණයින් බවත් සෞඛ්‍ය අංශ කියයි.

සැත්කම් සඳහා පොරොත්තු ලේඛනගතව වසර තුන හතර බලාගෙන සිටින මේ රෝගීන්ගේ සැලකියයුතු පිරිසක්  සැත්කමට වාරය එන විට  ජීවතුන් අතර නැතිබව පවසන සෞඛ්‍ය බලධාරීන් මේ වනවිට තත්වය බෙහෙවින් සංකීර්ණ සහ සෝචනීය බවය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුසියානු වෙළෙදපළ අල්ලා ගැනීමට චීන සමාගම්වල අවධානය

Next Post

ජනපති නිවස වටකළ අන්තවාදීන් අත්අඩංගුවට… ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.