ජනාධිපතිවරයාගේ නිවස අසල ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණේ යකඩ මුගුරු, කැති පොළු රැගත් සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් බවත් ඔවුන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කළේය.
නුගේගොඩ ජුබිලිකනුව අසල උද්ඝෝෂණයේ නිරත වු පිරිස අතර සිටි මෙම අන්තවාදීන් පිරිස කලහකාරී ලෙස හැසිරෙමින ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණය වන්නේ යැයි එම නිවේදනයේ දැක්වේ.
ජනාධිපති මාධය අංශය කියන්නේ යකඩ මුගුරු, කැති පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස් උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිතුමාගේ නිවස දෙසට ගමන් කර කළහකාරී තත්තවයක් ඇති කළ බවය.
මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ඔවුන් අරාබි වසන්තයක් මෙරට ඇති කරමු යන හඬ නගමින් උද්ඝෝෂණය මෙහෙයවා ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
ඉතා සැලසුම් සහගතව නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව කෝප ගන්වා රට අරාජික කිරීමේ අරමුණින් මෙම කළහකාරී තත්වයන් සිදුකර ඇති බව අත්අඩංගුවේ පසුවන පිරිසෙන් ආනවරණය වී ඇතැයි මාධ්‍ය අංශය කියයි.