බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හූල්ගේ නිරෝධායන ජංජාලයෙන් මැතිවරණ කාර්යාලයත් ජීවානුහරණයට

යාපනයට ගිය හූල් අන්තර්ජාලයෙන් රැස්වීමට

by editor
මැයි 20, 2020
in පුවත්
මහාචාර්ය රත්නජීවන් හූල්

මහාචාර්ය රත්නජීවන් හූල්

Share on FacebookShare on Twitter

මහ මැතිවරණ දිනය හා මනාප අංක නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා  මැතිවරණ කොමිෂන් සභාව අද (20) පැවැත්වූ සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වූ අතර එහි විශේෂත්වය වූයේ නිරෝධායන චෝදනාවකට ලක්ව සිටි කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් යාපනයේ පිහිටි සිය නිවසේ  සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාවට එක් වීමය.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය මැතිවරණ දොපාර්තමේන්තුවේ දී අද සවස පැවති මෙම සාකච්ඡාව පැයකට අධික කාලයක් පැවති අතර මැතිවරණය පැවැත්වීම පිළිබඳ  එහි සාමාජිකයන් විවිධ මත ඉදිරිපත් කරන්නට විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කොමිසම නැවතක වතාවක් රැස් වී අවසන් තීන්දුවක් ගත යුතු බව බහුතර මතය විය.  ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු  නැවත රැස් විය යුතු බව කොමිසම තීරණය කළේය.

මෙම සාකච්ඡාවට මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්ට සහභාගී වීමට නොහැකි වූයේ නිරෝධායන චෝදනාවක් ඔහුට එල්ලවීම හේතුවෙනි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

රත්නජීවන් හූල් ගේ දියණිය විදේශගතව සිට පැමිණි පසු යාපනයේ පිහිටි සුපිරි හෝටලයක දින 12ක් නිරෝධායනය වූවාය. එම නිරෝධායන කාල සීමා පසුගිය 18 වැනිදා අවසන් විය.  එහෙත් ඇය තව දින 14 ක් නිරෝධායනය විය යුතු බවට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබිණි.

සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන ලද එම උපදෙස් අනුව ඇය 18 වැනිදා නල්වූර් පිහිටි ඇගේ නිවසට නිරෝධායනය සඳහා යා යුතු වුවත් ඇය කෙලින්ම තම පියා සමග පැමිණියේ රාජගිරිය පිහිටි මැතිවරණ දෙපාර්තමේන්තුවටය.

පසුගිය සඳුදා (18) හා අඟහරුවාදා (19) දෙදින තුළම ඇය එම දෙපාර්තමේන්තුවට පැමිණ ඇති අතර  ඊයේ (19) ඇය නිරොි්ධායනය නොවී පැමිණ සිටින බව දැනගත් රාජගිරිය මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සුලු සේවකයන් දැඩි බියට පත්ව ඒ සම්බන්ධයෙන් පියාට හා දියණියට දැඩි සේ චෝදනා එල්ල කරනු ලැබුවේය.

කෙසේ වෙතත් අවසානයේ මේ සම්බන්ධව සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හා අදාල අංශවෙත මැතිවරණ දෙපාර්තමේන්තු සේවකයින් පැමිණිලි කර සිය විරෝධය පල කළේය. අනතුරුව සෞඛ්‍ය අංශ නිලධාරීන් හා කොළඹ නගර සභා නිලධාරීන් පැමිණ තත්වය පරීක්ෂා කර බලා මැතිවරණ දෙපාර්තමේන්තුව ජීවානුහරණයට ලක් කිරීමට පියවර ගත්තේය.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ සුලු සේවකයන්ගේ දැඩි විරෝධය මැද ඉහළ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් රත්නජීවන් හූල්ට සිය දියණිය රැගෙන එදිනම යාපනය බලා යෑමට සිදු විය.

මහචාර්ය රත්නජීවන් හූල්  පසුගිය කාලයේ මැතිවරණය කඩිමුඩියේ පැවැත්වෙනවාට දිගින් දිගටම දැඩිව විරුද්ධ වූයේය. ඔහු මෙය මැතිවරණ දෙපාර්තමේන්තුවට නිරෝධායනයට ලක් කිරීම මැතිවරණය කල් දැමීමට ගත් උපායශීලී පියවරක් වන බවත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර කතාබහට ලක්ව ඇත.

Tags: විශේෂ
Share374Tweet43
Previous Post

එස්.ඩී.අයි.ජී. නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට

Next Post

ලෝක සිනමාවේ සුපිරි තරුවල කොරෝනා කාලෙ…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.