සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හුදකලා වියපත් කතක් මාතර නගරයේ නිවසක් තුළ දී ඝාතනය කරලා

by editor
නොවැම්බර් 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර සම්පත්..

අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක් මාතර නගරයේ නිවසක් තුල තිබී ඊයේ (02) රාත්‍රී සොයාගෙන ඇත.

මෙම කාන්තාව ගෙල සිරකර මරා දමා ඇති බවට පොලිසිය කළ විමර්ශනවලින් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. මෙලෙස මරාදමා ඇත්තේ මාතර, උයන්වත්ත, ධර්මරත්න මාවතේ පදිංචි වයස අවු. 67 ක් වූ චන්ද්‍රිකා ජයවීර නම් කාන්තාවකි. ඇය හුදෙකලාව තම නිවසේ පදිංචිව සිටි බව අසල් වැසියෝ පවසති. ඇගේ දියණිය මේ වනවිට කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා මිය මීට කලකට ඉහතදී මියගොස් තිබේ.

ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ අසල්වැසි ඥාති කාන්තාවක් විසින් ඇයට රාත්‍රී ආහාරය ගෙන ගොස් දී ඇති අතර ඉන් පසුව එම රාත්‍රී ආහාර ගෙනදුන් කාන්තාව එම නිවසෙන් පිටව ඇවිත් තිබේ.  ඇය ගැන තොරතුරක් නොවූ හෙයින් අද (03) දින අසල්වාසීන් සහ ඥාතීන් මේ පිළිබඳව සොයා බැලීමේදී සිරුර නිවසේ තිබෙනු දැක ඇත.

ඇගේ ගෙල පටියකින් සිරකර, එම පටිය පුටුවේ කොන් දෙකේ ද ගැටගසා තිබූ බවත් සෙනසුරාදා රාත්‍රියේ කාන්තාව විසින් ගෙනදෙන ලද කෑම පිඟානෙන් භාගයක් පමණක් අනුභව කොට ඉතුරු භාගය එලෙසින්ම තිබෙනු දක්නට ලැබුණු බවත් කියන  පොලිසිය සැක පහළ කරන්නේ සෙනසුරාදා රාත්‍රියේ දී හෝ ඉරිදා අලුයම් කාලයේ දී මෙම මරණය සිදුවන්නට ඇති බවයි.

අපරාධය සිදුකරනල ලද ස්ථානය වූ එම නිවසට වැඩබලන මහේස්ත්‍රාත් පාලිත හෙට්ටිආරච්චි  පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා මාතර දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙන ගොස් ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුව පොලිස් නිල සුනඛ “ඔස්කා” විසින් ලබාදුන් තොරතුරු උපයෝගී කොටගෙන මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටී. මාතර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මාතර කොට්ඨාසභාර පොලිස් අධිකාරී 1 විජේගුණවර්ධන මාතර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික අමරසේන යන නිලධාරීන්ගේ මූලිකත්වයෙන් විමර්ශන කටයුතු සිදු කරයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට එන්නේ මෙහෙමයි

Next Post

ඇමෙරිකානු ජනපති සටන අද

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.