ලලිත් චාමින්ද –
ජනාධිපති සමාව ලැබි ඇති හිටපු ඇමති රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රිවරයාට අද (26) පස්වරුවේ දි අලුත් පත්විමක් ලැබෙන බැව කම්කරු හා විදේශිය රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.
නිදහස්ව පැමිණෙන රන්ජන් රාමානායක නව තනතුර සම්බන්දයෙන් අද පස්වරුවේ දී වැඩිදුර තොරතුරු දැනුම්දෙන බවද අමාත්‍යවරයා සදහන් කළේය.
රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සඳහා වන ලේඛන වලට ජනාධිපතිවරයා අද උදැසන අත්සන් කළ බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.







