හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි ගොනු කර තිබූ වර්ෂ 2015 දී ඩිෆෙන්ඩර් රථයකින් දෙමටගොඩ සිට තරුණයෙකු පැහැරගෙන යාමට අදාල චෝදනාව යටතේ නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24) දින නියම කළේය.
මහාධිකරණ විනිසුරු අමල් රණරාජා නියෝග කළේ මැයි 23 වනදා සිට නඩුව විභාගයට ගන්නා ලෙසය.
පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට එදිනට අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කිරීමටද විනිසරුවරයා නියෝග කළේය.