තලේබාන් පාලනය හේතුවෙන් ජාත්‍යන්තර සම්බන්ධතා ගිලිහී ඇති ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර ලබා දීමට චීනය පියවර ගෙන ඇති බව වාර්තා වේ. කාබුල් නුවර මාධ්‍ය වාර්තා ඊයේ (23) අනාවරණය කළේ ඇෆ්ගනිස්තාන උතුරු කලාපයට මානුෂීය ආධාර ලබා දීමට චීනය මේ වනවිට පියවර ගෙන ඇති බවය. එරට ඛාමා පුවත් සේවය සඳහන් කළේ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන ඇෆ්ගන් උතුරු පළාතේ ප්‍රදේශ 10කට මේ වනවිට ආධාර එවීම චීනය විසින් ආරම්භ කරනු ලැබ ඇති අතර මේ වනවිටත් එම ප්‍රදේශයට සහල් මෙට්‍රික් ටොන් 440ක් එවීමට චීන බලධාරීන් ක්‍රියා කර ඇති බවය.
තලෙබාන් පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන ඇෆ්ගනිස්ථානයේ සරණාගතයින් සහ නැවත රටට ගෙන්වා ගැනීම පිළබඳව අමාත්‍යංශය හරහා මෙම ආධාර ලබා දීමට ක්‍රියා කර ඇති අතර ඉදිරියේ ද තවදුරටත් ආධාර ලබා දමට චීනය එකඟ වී ඇති බව ඇෆ්ගන් බළදාරීහු පවසති
මීට පෙර චීනය විසින් ඇෆ්ගනිස්ථානයට ශීත ඇඳුම් , ආහාර පාන අත්‍යවශ්‍ය ඖෂධ සහ කොවිඩ් 19 සඳහා වන එන්නත් ලබා දී තිබුණි. එසේම දැනට ක්‍රියාත්මක වන පකිස්තාන් චීන ආර්ථික කොරිඩෝවට ඇෆ්ගනිස්තානයද සම්බන්ධ කර ගැනීමට චීනය සූදානම් වන අතර මේ වනවිටත් පේෂාවර් කාබුල් මහා මාර්ග නවීකරණයටද චීනය යටිතල පහසුකම් සංවර්ධන යෝජනාවක් ඉදිරිපත් කොට ඇත.