සඳුදා, ජූලි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිමිවරුන් දෙනමකට, පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් කොටා බරපතල තුවාල සිදුකළ මිගෙට්ටුවත්තේ සුමිත්ත (හිමි) ඇප පිට නිදහස්…

by editor
ජූලි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

ඉදුරුව, අතුරුවැල්ලේ ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ අයිතිය ඉල්ලා ගැටුමක් ඇති කරගෙන  භික්ෂූන් වහන්සේලා දෙනමකට මෙන්ම පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධ වලින් පහර දි බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර කර සිටි  දළුව, පුත්තලම, අන්තර් සමුද් පිරිවේනාධිපති,  අස්ගිරි පාර්ශවයේ පුත්තලම් දිසාවේ ප්‍රධාන සංඝනායක සහ කල්පිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී මිගෙට්ටුවත්තේ සුමිත්ත   සහ  ඉදුරුව, අතුරුවැල්ලේ ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක සහ කල්පිටිය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ   සභාපති  ඉත්තෑපානේ සුමන  යන හිමිවරුන්   රුපියල් ලක්ෂ දෙක (2,00000/-) බැගින් වූ ශරීර ඇප 04 ක් මත මුදා හරිමින්  විහාරස්ථානයේ අයිතිය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ගේ පාර්ශවයට තාවකාලිකව ලබා දීමට බළපිටිය මහේස්ත්‍රාත් ආර් ඩී ජනක ඊයේ (22) නියෝග කළේය

විහාරස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය ප්‍රාථමික අධිකරණ ආඥා පනතේ 66 වන වගන්තිය යටතේ පවරන ලද නඩුව 2024 අගොස්තු 05 වන දිනත්, පහර දීමට අදාල නඩුව 2024 නොවැම්බර් 19 වන දිනත් විභාගයට ගන්නා බවද මහේස්ත්‍රාත්වරයා බෙන්තොට පොලීසියට දැනුම් දුන්නේය.

ආරවුල ඇතිවන තෙක් විහාරස්ථානයේ වැඩ සිටි ඉත්තෑපාන සුමන හිමියන්ට 66 වන වගන්තිය යටතේ වූ නඩුව විභාග කොට අවසන් වන තෙක් විහාරස්ථානයේ අයිතිය තාවකාලිකව පවරන බවද මහේස්ත්‍රාත්වයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙහිදී වැඩි දුරටත් දැනුම් දුන්නේය.

ආරවුලේදී පහර දීමෙන් තුවාල ලැබූ වෑවල, හොරණ ඉසිපතනාරාම විහාරවාසී තම්ජන්තැන්නේ හේමානන්ද (17), ඉදුරුව, අතුරුවැල්ලේ ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරවාසී සියඔලාපේ අමිතරංෂි (20) යන භික්ෂූන් වහන්සේලා කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසු වෑවල, හොරණ ඉසිපතනාරාම විහාරස්ථානයට නැවත පැමිණ තිබෙන බවද බෙන්තොට පොලීසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඉදුරුව, අතුරුවැල්ලේ ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවය විසින් වෑවල හොරණ ඉසිපතනාරාම විහාරවාසී ගල්තුඩුවේ සුනන්ද ස්වාමින් වහන්සේට පවරා දෙන ලදැයි කියන ලිපියක් හේතුවෙන් පසුගිය 14 දා රාත්‍රී මෙම ගැටුම ඇති විය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ගල්තුඩුවේ සුනන්ද හිමියන් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා දෙනමත් සමග පැමිණ විහාරස්ථානය සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයට අයත් බව පැවසීමත් අස්ගිරි පාර්ශවයේ පුත්තලම් දිසාවේ සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් (45), වයඹ පළාතේ සංඝනායක ඉත්තෑපානේ සුමන (68) හිමියන් සමග පැමිණ විහාරස්ථානය සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයට විහාරස්ථානය අයත් බව පැවසීමත් මෙම ගැටුමට මූලික හේතුව වි තිබූ බව බෙන්තොට පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරන  ලද වැඩිදුර වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

ඉදුරුව, අතුරුවැල්ලේ ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ අධිපතිව වැඩ සිටි නායක හිමියන් 2013 වර්ෂයේ අපවත් වීමෙන් පසු උන් වහන්සේගේ ශිෂ්‍ය ගල්තුඩුවේ සුනන්ද හිමියන්ට මෙම විහාරස්ථානය මල්වතු භික්ෂු කාරක සංඝ සභාව විසින් පවරා දි තිබෙන බව වෑවල, හොරණ ඉසිපතනාරාමය කියයි. නමුත් එවකට ගල්තුඩුවේ සුනන්ද හිමියන් උපසම්පදා නොවූ සාමනේර භික්ෂූන් වහන්සේ නමක් ලෙස සිට ඇති අතර ඒ නිසාම එම පවරා දීම ඊට පසු දිනම අවලංගු කර තිබේ.

පසුගිය ජූලි 07 දින ගල්තුඩුවේ සුනන්ද හිමියන් මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලබා ඇති අතර එහිදී විහාරස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් මෙම ඉල්ලීම නැවත කර තිබෙන අතර එහිදී මල්වතු කාරක සංඝ සභාව විහාරස්ථානය පැවරීමට අදාල මෙම ලිපිය නිකුත් කර තිබෙන බව වෑවල, හොරණ ඉසිපතනාරාමය කියයි. එතෙක් ගල්තුඩුවේ සුනන්ද හිමියන් වෑවල, හොරණ ඉසිපතනාරාමයේ වැඩ වාසය කර තිබෙන අතර ඉදුරුව ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස වැඩ වාසය කර ඇත්තේ ඉත්තෑපාන සුමන හිමියන්ය.

බෙන්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර කාරියවසම්, උප පොලිස් පරීක්ෂක සජිත් ද සිල්වාගේ  මෙහෙයවිම මත උප පොලිස් පරීක්ෂක රන්බණ්ඩා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ද්විත්ව ඝාතන සිද්ධිය ගැන මෙතෙක් කළ සියලුම ප්‍රකාශ කරන්න වුනේ පොලිසියේ බලපෑම මත… ටැටූ දුලාන් අධිකරණයට කියයි!

Next Post

සුමන්තිරන්ලා සහ ගජේන්ද්‍ර කුමාර්ලා හැර අනෙක් සියලු දෙමළ පක්ෂ දෙමළ පොදු අපේක්ෂකයෙක් වෙනුවෙන් සන්ධානගත වෙති!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.