හිඳගල රජමහා විහාරයේ වැඩ වාසය කරන 17 හැවිරිදි හිමිනමකට විහාර පරිශ්‍රයේ දී බලහත්කාරයෙන් වස පොවා පැරසිටමෝල් පෙති දෙකක් ගිල්ලවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පේරාදෙණිය පොලීසියට එම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු වැදගත් හෝඩුවාවක් සොයා ගැනීමට අද (19) පස්වරුව වන විටත් නොහැකි වී තිබිණි.
වස පෙවීමෙන් අසාධ්‍යය තත්ත්වයට පත්ව හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අත්තරගම ධම්මරතන නම් හිමිනම අද (19) සාමාන්‍ය වාට්ටුවකට මාරුකර ඇත.
විහාර භූමියට දින කිහිපයක් තිස්සේ පැමිණි නාදුනන පුද්ගලයෙකු හිමිනමට මෙම වස පෙවීම සිදුකර තිබෙන බව හිඳගල රජමහා විහාරාධිවාසි ඇඹිල්මීගම පඤ්ඤාකිත්ති හිමියෝ පැවසූහ.
හිමිනමට වස පෙවූ බව කියන අකාරයේ බාහිර පුද්ගලයෙකු විහාර භූමියට පැමිණි බවට තහවුරු කළ හැකි සාක්කියක් මෙතෙක් හමු නොවුණු බව පොලීසිය පවසයි.
මෙවැනි පුද්ගලයෙකු පැමිණි බව දැක ඇත්තේ අදාළ හිමිනම පමණක් බැවින් එවැන්නෙකු සත්‍ය ලෙසම පැමිණියේ ද නැතහොත් හිමිනම කිසියම් දෙයක් වසන් කරන්නට උත්සාහ කරන්නේ ද යන සැකය පොලීසියට මතුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත විජේකෝන් මහතා ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත් වෙයි.