ජල කළමනාකරණයේ මූලික සිද්ධාන්ත නොසලකා හැර ජල විදුලිය නිශ්පාදනය වෙනුවෙන් අක්‍රමවත්ව ජලය මුදා හැරීමෙන් අපේක්ෂා කළ අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස නුවර ප්‍රදේශ කීපයක ජල සැපයුම පසුගිය 02 දා සිට අත්හිටුවා ඇති බව වාර්තා වේ. කිසිම දැනුම් දීමකින් තොරව මේ ජල සැපයුම අත්හිටුවා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
මේ මූලික පානීය ජල ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවී ඇත්තේ බලගොල්ල ජල පවිත්‍රාගාරයෙන් බෙදා හරින ජලය භාවිත කරන කුණ්ඩසාලේ, බලගොල්ල සහ පල්ලකැලේ ප්‍රදේශවල ජනතාවටය.
මූලික වශයෙන් විදුලි ජනන කටයුතු සඳහා අවිධිමත්ව ජලය මුදා හැරීම නිසා ජල මට්ටම අඩුවී බලගොල්ල පොම්පාගාරයට පොල්ගොල්ලෙන් ජලය සැපයීමට නොහැකි වී ඇති බව පැවසේ.
බලගොල්ල ජල පවිත්‍රාගාරයෙන් පවිත්‍ර කර දෛනිකව බෙදා හරිනු ලබන ජල ධාරිතාව ගණ මීටර 12000යි. එම ජලය පවිත්‍රාගාරයට පොම්ප කරනු ලබන්නේ පොල්ගොල්ලෙනි.
ජල මට්ටම අඩු වීම නිසා රොන්මඩවලට ජල පෙරණ කැපී යෑම හේතුවෙන් ජල සැපයුම් අත්හිටුවා ඇති බවත්, ජල පවිත්‍රාගාරයේ ඇති වී තිබෙන තත්වය යථාවත් කිරීම සඳහා මේ වනවිට හමුදාව යොදවා ඇති බවත් වාර්තා වේ.
මේ පිළිබඳව කළ විමසීමක දී ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු කළමණාකාර එස්.මීගොඩ පැවසුවේ පොල්ගොල්ලේ ජලමට්ටම පහළ යෑම නිසා දෛනිකව අවශ්‍ය ජලය ඝණ මීටර 12000 වෙනුවට දැනට ලබා ගත හැක්කේ ඝණ මීටර 5000ක් පමණක් බවය.
මෙවැනි තත්වයක් සාමාන්‍ය තත්ව යටතේ ඇතිවන්නේ අප්‍රේල් මස ආසන්නවන විට බවද ඔහු කීවේය.
ජල කළමනාකරණයේ ප්‍රමුඛතාවයේ මුල් තැන ගන්නේ පානීය ජලය ලබා දීම බවත්, දෙවැනි ස්ථානය ගොවිතැන් සඳහා ජලය නිකුත් කිරීම බවත් ජල විදුලි නිශ්පාදනය ඇත්තේ ප්‍රමුඛතා ලයිස්තුවේ තුන්වන ස්ථානයට බවත් ජල කළමනාකරණ අංශ පෙන්වා දෙයි.
සිඳි ගිය පොලිගොල්ලේ තත්ත්වය… ජලපවිත්‍රාගාරය පවිත්‍ර කරන අයුරු…