ශ්‍රියානි විජේසිංහ –
හිටපු සෞඛ්‍ය ඇමතිවරයා හැම විටම උත්සහ කළේ බබා පාට් දමමින් ඇමති තනතුරේ රැදී සිටිමට බවත් ඉමියුනෝග්ලෝබියුලින් වංචනික ගනුදෙනුව උඩුදිවිමට ඇමතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවක් වු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඇමතිවරයෙක් ලෙස සෘජු තීන්දු තීරණයන් ගන්නවා වෙනුවට සමහර තීන්දු තීරණයන් ඉබේ යන්නට ඉඩ හැරිය අතර තවත් සමහර තීන්දු ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය නිලධාරින්ට වැඩ කරන්න අවශ්‍ය වටපිටාවක් නිර්මාණය නොකළ බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙයි.
ඇමතිවරයා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමග කථා කළ දේවල් ක්‍රියාත්මක නොකළ බවත් ක්‍රියාත්මක කළේ සාකච්ඡා නොකළ දේවල් බවත් පෙන්වා දෙන වෛද්‍ය අලුත්ගේ වැඩිදුරටත් අවධාරණය කළේ ඇමතිවරයා සැමදාම කළේ අස්සයා පැන ගියාට පසු ඉස්තාලය වහපු එක බව පවසයි.
උසාවියේදී චූදිත පාර්ශ්වයේ නීතීඥයා පැහැදිලිව කළ ප්‍රකාශය වූයේ ඉමියුනෝග්ලෝබියුමින් ගනුදෙනුවේ මහමොළකරුවා සිටින්නේ කැබිනට්ටුවේ පාර්ලිමේන්තුවේ බව යැයි ලේකම්වරයා සිහි කරයි.
ඒ අනුව හිටපු සෞඛ්‍ය ඇමතිවරයා මෙම ගනුදෙනුවේ මහමොළකරු නොවන බව ඔහු ප්‍රකාශ කරන්නේ නම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මේ මොහොතේ තිබෙන වගකීම වන්නේ අදාල නීතීඥවරුන්ගෙන් ප්‍රශ්න කර ඒ තොරතුරු හෙළිදරව් කරගෙන සැබැ වංචනිකයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම යැයිද වෛද්‍ය අලුත්ගේ පෙන්වාදේ.
රටේ ජනතාවගේ සෞඛ්‍ය පිලිබඳව ඇමතිවරු සෞඛ්‍ය බලධාරීන් පහත් මට්ටමකින් හිතන්නේ නම් ඇමතිවරයාගේ ප්‍රකාශ මත පදනම් නොවී සෞඛ්‍ය ලේකම්වරයා කියන කාරණා පදනම් කර ගනිමින් ඔහුගේ අත්සන යෙදීමට ඔහුට බලකළේ කවුද යන්න පිලිබඳ හෙලිදරව් කර ගැනීම මෙම වංචනික ගනුදෙනුවේ ප්‍රබල සාක්ෂිකයක් වන බව ද හෙතෙම පවසා සිටියි.
අපේ රටේ අවාසනාව ඇමතිවරු නියෝගයන් නිකුත් කරන්නේ වාචිකව බැවින් එය ඔවුන්ගේ ගැලවීමට හේතුවක් බව පෙන්වා දෙන වෛද්‍ය අලුත්ගේ මෙවැනි වංචනික ගනුදෙනු තවත් සිදු නොවිමට ජනාධිපතිවරයාට සහ රජයට සැබෑ වුමනාවක් ඇත්නම් ඇමතිවරුන්ගේ නියෝගයන් නිලධාරීන් වෙත ලබා දෙන්නේ නම් එය ලිඛිතව ලබා දිීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට කටයුතු කළ යුතු බවට යෝජනා කරයි.