හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද මෙසේ දුක් විඳින්නේ ශ්‍රී ලංකාවේ මහජනතාව වෙනුවෙන් සිය ද්විත්ව පුරවැසිභාවය පූජා කළ නිසා බව බැසිල් රාජපක්ෂ පැවසීය.
දෙරණ නාලිකාවේ 360 වැඩසටහන සමග එක්වෙමින් බැසිල් රාජපක්ෂ කියන්නේ ජනාධිපතිවරයා ධූරය අත්නොහැර තව දින කීපයක් සිටියානම් මේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ඔහුට හැකියාව තිබුණු බවය.
අද අරගලය තියනව ද? නෑ… ඉතින් ප්‍රශ්න විසඳුනා ද?. මිනිස්සුන්ට කන්න තියනව ද?. ප්‍රශ්න එදා වගේමයි.“
බැසිල් රාජපක්ෂ කීවේ අද තිබෙන්නෙ ඔවුන්ගේ ආණ්ඩුවක් නොවන බවය. රනිල් රාජපක්ෂ වුනා මිස රාජපක්ෂ වික්‍රමසිංහ නොවූ ජනතාව පවසන්නේ යැයි බැසිල් රාජපක්ෂ කීවේය.
ද්විත්ව පුරවැසි භාවය අත් හැර ජනතාව වෙනුවෙන් පොඩි කැපකිරීමක්වත් කරන්න සූදානම් නැති දැයි නිවේදකයා විමසුවේය.
“අවශ්‍ය වූ විට මම ඒක කරනවා. නමුත් දැන් එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ… “ බැසිල් රාජපක්ෂ පැවසීය.
නිවේදක – අවශ්‍ය වූ විට ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගනී ද?. එහෙම නැතිනම් ඔබතුමාට හිතෛශී මන්ත්‍රීවරුන් දලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරයි ද?
බැසිල් රාජපක්ෂ – එහෙම හරි ඒ අවශ්‍යතාවය අනුව කටයුතු කරන්න මා සූදානම්
නිවේදක – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැන් ඉන්නේ කොයිවගේ ස්ථාවරයක ද?.
බැසිල් රාජපක්ෂ – ඔබතුමා කිව්වා වගේ අර පොඩි පරිත්‍යාගයක් කළානෙ එතුමා. ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගෙන. ජනතාව වෙනුවෙන් අර පොඩි පරිත්‍යාගය… එතුමා ජනතාව වෙනුවෙන් ඒක කළා. කරලා අද දුක් විඳිනවා.