බීමතින් සුඛෝපභෝගී බෙන්ස් රථයක් පදවාගෙන විත් කොල්ලුපිටිය ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදුකර ඩුබායි වෙත පළාගොස් සිට නැවත ලංකාවට පැමිණීමේ දී අත්අඩංගුවට ගත් සැකකරු එළඹෙන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කළේය.
ඩුබායි රාජ්‍ය වෙත පළාගොස් සිටි මෙම පුද්ගලයා ඊයේ (12) රාත්‍රියේ නැවත ලංකාවට පැමිණියේය. එම අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන හා විගමන නිලධාරින් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම පුද්ගලයා නැවත රටට ගෙන්වා ගැනීමට ජාත්‍යාන්තර පොලිසියේ සහයෝගය අපේක්ෂා කිරීමට සැරසී සිටි බව ද පොලිසිය පැවසීය.
පසුගිය 10 වනදා අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මෝටර් රථයක්, ඉදිරියෙන් නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් එම අනතුර සිදුවු අතර අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු මියගියේය.
මෙම රියදුරා එදින රාත්‍රී පුරාම ඔහුගේ සහචරයින් සමග රාත්‍රි සමාජශාලාවක මත් පැන් පානය කර බීමතින් රියපදවා මෙම අනතුර සිදුකර ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ පිටුපස ගමන්කළ කාන්තාවකට තවත් කාන්තාවන් තිදෙනෙකු විසින් එම ස්ථානයේ දී අමානුෂික පහරදීමක් සිදුකර තිබුණි.
අදාළ පහරකෑමට ලක්වු කාන්තාවගේ ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව එම පහර දීමට සැක පිට වැල්ලවත්ත සහ එල්ලක්කල ප්‍රදේශවල පදිංචි සනීපාරක්ෂක සේවා සපයන පුද්ගලික ආයතනයක සේවිකාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබිණි.