බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු අධ්‍යාපන ලේකම් චක්‍රලේඛවලට පිටින් අතිශය ජනප්‍රිය  ජාතික පාසල්වල අතරමැද පන්තිවලට සිසුන් 2237ක් ඇතුළත් කරලා…  විගණනය කියයි!

අධ්‍යාපන ඇමති මොන බයිලා කිව්වත් වැඩක් නෑ... වත්මන් අධ්‍යාපන ලේකම්වරයාත් හිටපු අධ්‍යාපන ලේකම්ගේ පාරේම යයි...

by editor
නොවැම්බර් 10, 2023
in පුවත්
students
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • හිටපු අධ්‍යාපන ලේකම් සිසුන් ඇතුළත් කරන්න විදුහල්පතිවරුන්ට ලියුම්  3,308ක් නිකුත් කරලා… ඉන් සියයට 72ක් දේශපාලකයින් ඇතුළු බලවතුන්ගේ නියෝග

  • වත්මන් අධ්‍යාපන ලේකම්වරයාත් අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම තහනම් කළ 2022 මැයි 31ට පසු  ලියුම් දී  සිසුන් 378ක් ඇතුළත් කරගෙන…

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින්     චක්‍රලේඛ මගින් හදුන්වා දි ඇති විධිමත් ක්‍රම වේදයන්ගෙන් බැහැරව විදුහල්පතිවරුන් අමතා නිකුත් කරණු ලැබු  ලිපි  උපයෝගිකරගෙන  අතරමැදි ශ්‍රේණි සඳහා  2020 ජනවාරි 01 සිට 2022 මැයි 31 කාලය තුළ    සිසුන් 2237 දෙනෙකු  ඇතුළත් කරගැනිමට  එම ජාතික  පාසල්වල විදුහල්පතිවරුන්ට සිදුවි තිබු බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

මෙසේ අතිශය ජනප්‍රිය පාසල් 34ක් ඇතුළු පාසල් 41ක් සදහා  සිසුන් ඇතුළත් කරගෙන තිබු අතර එවකට අධ්‍යාපන අමාත්‍යංශයේ සිටි ලේකම්වරයා විසින් විවිධ පාර්ශවයන්ගේ ඉල්ලිම් නිර්දේශයන් හා අභියාචනයන් හා නියෝග ආදි ලිපිමත  මෙම ලිපි නිකුත්කොට තිබුණි. 

විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සිසුන් ඇතුළත් කරගැනිම සදහා ලිපි  3,308ක් නිකුත්කොට තිබුණි. එසේ නිකුත්කරණු ලැබු ලිපි අතුරින් ලිපි  2367ක්    එනම්  සියයට  72ක ප්‍රමාණයක් රජයේ ඇමතිවරුන්, මහජන නියෝජිතයින්,  දේපාර්තමේන්තු ප්‍රධානින්,  ජනාධිපති කාර්යාලය, අගමැතිකාර්යාලය  ආදි විවිධ තැනැත්තන්   වෙතින් ලද ඉල්ලිම්  නිර්දේශයන් අභියාචනයන්  හා නියෝග    අනුව නිකුත් කරණු ලැබු ලිපි බව විගණනය මගින් අනාවරණය කොට ඇත. 

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින්   සිසුන් ඇතුලත්කරගන්නා ලෙස කොන්දෙසි රහිත ලිපි 1460ක්  නිකුත්කොට තිබුනි.

එමෙන්ම  අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුළත්කරගැනිම  2022 මැයි මස 23 දින සිට තාවකාලිකව  අත්හිටුවන බව දන්වා තිබුණි. 

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එහෙත් 2022 මැයි 23 දින සිට 2022 ඔක්තෝබර් මස 31 දින දක්වා කාලය තුළ වර්තමාන   ලේකම්වරයා විසින් ලබාදුන් ලිපි මත  ජනප්‍රිය පාසල් 09ක් සදහා සිසුන් 275 දෙනෙකු  සහ  කොළඹ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසල් 07ක් සදහා  මෙම වර්ෂයේ (2023) අප්‍රේල් මස 26 සිට  ජුලි මස දක්වා කාලය තුල සිසුන් 103 දෙනෙකු ඇතුළත්කොට  ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම තත්ත්වය නිසා අනුග්‍රහයන් නොමැති දෙමව්පියන්ගේ සහ සුදුසුකම් සපුරාලන සිසුන්ට ජනප්‍රිය ලෙස හදුනාගෙන ඇති ජාතික පාසලකට ඇතුළත්විමේ  සම ප්‍රවේශ අවස්ථාව අහිමිවි ඇති  බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.  

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවම ෂම්මිලා එපා කියද්දී ක්‍රිකට් පාලක මණ්ඩලයට කඩේ ගිය පුත්තලම් චින්තක ගැන හෙළිදරව්වක්!

Next Post

ICC    ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.