කොවිඩ් ආසාදිත සිසුවිය අධ්‍යාපනය ලැබූ දිවුලපිටිය ඤාණාවාස විද්‍යාලයේ ගුරු පුහුණුව සිදුකළ ශික්ෂණ ලාභී ගුරු සිසු සිසුවියන් හය දෙනෙක් ඇතුළුව දිවුලපිටිය ආසන්නයේ පාසල් වල ගුරු පුහුණුවට යොමු කරනු ලැබූ ගුරු සිසු සිසුවියන් විශේෂ අධීක්ෂණයකට ලක් කිරීමට හාපිටිගම අධ්‍යාපන විද්‍යා පීඨයේ පරිපාලනය කටයුතු කර තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් ප්‍රකාරව හාපිටිගම් අධ්‍යාපන පීඨය තුළ මෙම සිසු සිසුවියන් වෙන් කර විශේෂ සෞඛ්‍ය අධීක්ෂණයකට ලක් කර ඇත.
මේ වනවිට එම පරීක්ෂණ සිදුවෙමින් පවතී.