කවර හෝ කටයුත්තක් හෝ කවර හෝ කරුණක් නිසා මේ වනවිට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති පුද්ගලයන් හෝ ඒ ආශ්‍රිතයන් ගැටුණු බවට විශ්වාස කෙරන යම් පුද්ලයකු වෙතොත් හෝ පසුගිය දිනවල පිට පළාත්වල ට මෙම ප්‍රදේශය සමඟ සබඳතා පැවැත්වු අයකු සිටී නම් ඉතා ප්‍රවේශම් සහගතව නිරෝධායනය වූ ආකාරයෙන් කටයුතු කරන්නැයි කොවිඩ් කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා මහතා ඉල්ලා සිටී.
එවැනි පුද්ගලයන් සිටී නම් ඔවුන්ට නිවසේ තම පවුලේ සමීපතයින්ගෙන් පවා වෙන්වී නිරෝධායනය වීම වඩාත් සුදුසු බව පවසන යුධ හමුදාපිවරයා යම් හෝ රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නම් නොපමාව සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසද අද පැවැති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය.
එසේම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව් කොවිඩ් 19 ආසාදනය වූ 69 දෙනාගේ සමීපතයින් සහ ඒ ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ ආරම්භ වී ඇති බවත් ඔවුන් කඩිනමින් නිරෝධායනය වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළ යුධ හමුදාපතිවරයා දිවුලපිටියේ කොවිඩ් ආසාදනය වූ පාසල් සිසුවිය ඉගෙනුම ලැබූ පාසලේ ඇයගේ පන්තියේ සිසුන් 31 දෙනකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව සඳහන් කළේය.