සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

හරීන් - මනූෂ ඩබල පතුරුගසන විට  ඔබට මගහැරෙන බිහිසුණු ‘ටිරාන් සත්‍යය’

by editor
මැයි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සනත් බාලසූරිය-

ඊයේ  දින පත්කරන ලද කැබිනට් මණ්ඩලය නමින් හඳුන්වන අටමගලයෙහි ඔබ සියලු දෙනාගේ ප්‍රියතම බයිට් එක වී ඇත්තේ හරීන් – මනූෂ දෙදෙනා   බව පැහැදිළි ය.

එය තේරුම් ගැනීම අපහසු නැත. මේ දෙදෙනා පසුගිය දා පාර්ලිමේන්තුවේ ද ඉන් පිටත ද හැසිරුණු, කතාකළ හැටි ගැනත්, දැන් මේ ගෝඨා – රනිල් ආණ්ඩුවේ කැබිනට්ටුවට රිංගීම ගැනත් මතුපිටින් බැලූ කල ඔබට දෙස් දෙවොල් තියන්නට, උසුළු විසුළු කරන්නට, සාප කරන්නට, ගරහන්නට ඇතිතරම් කාරණා තිබෙන බව ඇත්ත ය.

එහෙත් ඔබ මේ කැබිනට් පත්කිරීම්වල මදක් ගැඹුරට කැන බැලුවොත්, එහි ඇති සැබෑම දේශපාලන දිශානතිය පෙන්වන උප්පරවැට්ටිය, වංචාව හා තිරිංගය විදහා දක්වන පත්කිරීම මේ මතුපිටින් අතගාන කිසිවක් නොවන බව ඔබට වැටහෙනු ඇත.

මේ කැබිනට් පත්කිරීම්වල ඇත්තම දේශපාලන උප්පරවැට්ටිය වන්නේ ටිරාන් අලස් ය.

සදහටම ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පමණක්ම සිටි, අතේ ඇඟිලි ගණනින් ගිනිය හැකි දවස් ගණනක්වත් පාර්ලිමේන්තුවේ කතාකරලාත් නැති ඔහුට දී ඇති ඇමැතිකම දෙස බලන්න.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොහොට්ටුවේ ජාතික ලයිස්තු මන්ත්‍රී ටිරාන් අලස් රනිල් වික්‍රමසිංහ අගමැතිකම දරන කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැතිවරයා ය.

ඒ අනුව රනිල්ගේ ආණ්ඩුවේ පොලීසිය අයත් වන්නේ ටිරාන් අලස්ට ය.

කවුද මේ ටිරාන් අලස්?

මේ වනවිට මේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ද රටේ අගමැති ද වන රනිල් වික්‍රමසිංහගේ ජම්මාන්තර වෛරක්කාරයෙකි.

ටිරාන්ට කිසිදා දේශපාලන ප්‍රතිපත්තියක් තිබුණේ නැත. පාර්ලිමේන්තුවේ අවුරුදු ගාණක් ගොළුවෙක් මෙන් සිටීමට අමතරව ඔහුගේ අනෙක් දේශපාලන සලකුණ ප්‍රතිපත්ති විරහිතකමයි.

එහෙත් ඒ අතර ඔහුට එක අනම්‍ය ප්‍රතිපත්තියක් තිබේ. ඒ ජම්මාන්තර රනිල් විරෝධය යි.

මා එහි අගමුල දන්නේ එක්තරා අරබුද සමයක ටිරාන් අලස්ගේ පියා වූ ආර් අයි ටී අලස් මහතා විදුහල්පති කම දැරූ ඩී එස් සේනානායක විදුහලේ අධ්‍යාපනය ලැබූ, මාගේ අවසන් පාසල් වසරේ දෙකේ දී පමණ මෙන්ම ජනමාධ්‍යවේදියකු වූ පසුවත් අලස් සර් සමග යම් පමණක සම්බන්ධයක් තිබූ පුද්ගලයෙක් ලෙස ය.

අප ජනමාධ්‍ය සංගම්වල ක්‍රියාකාරීව සිටි සමයේ, එනම් 2009 ජනවාරියට පෙර වසර දෙක තුනක කාලයක්, විපක්ෂ දේශපාලකයකු වශයෙන් ටිරාන් අලස් හඳුනාගෙන සිටියෙමි. එහෙත් ඔහුත් මාත් ඩී එස් බැඳීම සහිතව ටිරාන්ට හඳුන්වා දුන්නේ අලස් සර්ම ය. ඒ 2008 අවුරුද්දේ ය. විද්වද් වෘත්තිකයන්ගේ සංගමය (හෝ එවැනි කිසියම් සංගමයක්) විසින් සංවිධානය කරන ලද කිසියම් දේශපාලන වැඩසටහනකදී එක් පසෙකින් රනිල් එම වැඩසටහන අමතා කතාකරන විට ජනමාධ්‍ය සමාජය වෙනුවෙන් කතාකළේ මා ය.

එම අවස්ථාවට පැමිණ සිටි අලස් සර් මගේ අතින් අල්ලාගෙන කතාකරන ගමන්, එහි සිටි ටිරාන්ට ද මා හඳුන්වා දුන්නේ ය.

“මං අඳුනනවනෙ. අපි කාලයක් තිස්සෙ වැඩවලදි හමුවෙන අයනෙ.” ටිරාන් කීවේ ය.

“මේ පුතත් ඩී එස් කියල දන්නවද?” අලස් සර් ටිරාන්ගෙන් ඇසුවේ ය.

“නෑනෙ, ඒක මං දන්නෑ. සනත් කවදාවත් කියලත් නෑනෙ.” ටිරාන් නලල රැළිනංවා කීවේ ය.

“එහෙනම් දැන් ඩීඑස් දරුවො වගේ ආයෙත් පාරක් අඳුනගන්න!” අලස් සර් සිනාසෙමින් කීවේ ය.

“පුතා, ඩී එස් දරුවො කවුරුත් මට මගෙම දරුවො වගේ. ඒ අය කොහෙ හිටියත් තම තමන් ඩී එස් දරුවො විදියට එකිනෙකා අතර බැඳීමෙන් ඉන්නව දකින්න මං කැමතියි.” ටිරාන් ඉවත ගියපසු අලස් සර් මගේ අත අල්ලාගෙන කීවේ ය. අලස් සර් දැන් ජීවතුන් අතර නැති බැවින්, එදා අප අතර සිදුවූ කතාබහ ගැන වෙන කිසිත් නොකියමි.

එහෙත් ’80 ගණන් මුල හරියේ රනිල් අධ්‍යාපන ඇමැති වූ කාලයේ අලස් සර්ට තමන් ‘හදාවඩාගත් පාසල’ ලෙස සැලකූ ඩී එස් එක හැරදමා යන්නට සිදුවී තිබිණි. මා හයේ පන්තියට ඇතුළත් වූයේ අලස් සර් පලවාහරින ලද ඩීඑස් එකකට ය. අලස් සර් පලවා හැරියේ රනිල් ය යන්න එකල පාසල පුරාත්, සිසු-ගුරු-දෙමාපිය කව පුරාත් ඉතාම දැඩිව මුල් අල්ලා තිබූ මතය යි.

එහෙත් මගේ අවසන් පාසල් වසර දෙකක පමණ කාලයේ දී ආර් ප්‍රේමදාසගේ අනුග්‍රහයෙන් අලස් සර් නැවතත් ඩීඑස් එකේ විදුහල්පතිවරයා ලෙස පැමිණියේ ය.

අතිශය කැලඹිලි සහගත ඒ යුගය ගැන මට කියන්නට වෙනත් කතාවක් ඇතිනමුත් එය මෙතැනට අදාළ නැත.

දැන් නැවතත් ටිරාන් වෙත හැරෙමු.

දේශපාලන වශයෙන් මොනතරම් ප්‍රතිපත්ති විරහිත වුවත්, සිය පියානන් සම්බන්ධ ඉහත හේතුව නිසා ටිරාන්ට රනිල් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් තිබේ.

දැන් රනිල්ගේ ආණ්ඩුවේ පොලීසිය භාර ඇමැතිවරයා ටිරාන් ය.

පසුගිය කාලාන්තරයක් තිස්සේ රාජපක්ෂලා විසින් සිදුකරන ලද අපරාධ දූෂණ වංචා පැත්තකින් තියමු. යහපාලන නාඩගමක් රඟදක්වමින් සිටි රනිල් ඒ කිසිවකට එරෙහිව කළ දෙයක් නැත. කරන්නට හැදූ ආයතනවල ද කකුලෙන් තීරණාත්මක ලෙස ඇද්දේ රනිල් ය.

එහෙත් දේශපාලන මිනීවලක සැතපී සිටි රනිල් මේ වෙලාවේ එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් පමණක් අතතබාගෙන මිනීවලෙන් නැගිට අගමැති සූට්එක ඇඳ පැමිණ සිටී‍‍.

රනිල් එසේ නැගිට ආවේ සිය හයියෙන් නොව තනිකරම රාජපක්ෂලාගේ ම කට්ටාඬිකම් – හදිහූනියම් හේතුවෙනි.

කොච්චර කට්ටාඬිකම්වලින් දැපනේ දමාගත්තත්, රනිල් යනු මේ වෙලාවේ නැතිවන්නට දෙයක් නැති නිසා මොන ගිනිවිජ්ජුම්බරයක් අල්ලද්දැයි අර කට්ටාඬිකම් කළ රාජපක්ෂලාටත් ෂුවර් නැති චරිතයකි.

මයිනාගෝගමට හා ගෝටාගෝගමට ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කිරීමත්, ඒ ඔස්සේ මුළු රටම ගිනිතැබීමත් ගැන නිකමටවත් රනිල් පොලීසිය යොදාගෙන යුක්තියක් සාධාරණයක් ඉටුවන පරිදි විමර්ශන කරන්නට හැදුවොත්, දැන් ඒකට හරස්කපන නියම බහිරවයා පොලීසිය භාර ඇමති ලෙස රාජපක්ෂලාම ඒ අමාත්‍යාංශයේ දොරකඩ ගෙනත් ඉන්දවා සිටින්නේ ය.

ඒ රනිල් හා ජම්මාන්තර වෛරය මිස වෙනත් කැපීපෙනෙන ප්‍රතිපත්තියක් නැති ටිරාන් අලස් ය.

මෙය නිසැකව ම දේශපාලන ගේමකි.

මේ ගේම් එක ගෝඨා නම් දේශපාලන අඳබාලයාට වඩා, මේ මොහොතේ ගෝඨාටත් ගේම ඉල්ලන මහින්ද කඳවුරේ වැඩකි‍.

‍ඇත්තටම නම් මේ පසුපස ඉන්නේ රෝහිණි කුමාරි විජේරත්නගේ Rohini Wijeratne Kavirathna මසුරන් වචනවලින් කියනවා නම් ‘කළුපාට කුරුල්ලෙකි.’

රෝහිණි විජේරත්න නියෝජ්‍ය කතානායක තනතුරෙන් පරාජය කරමින් මේ කළුපාට කුරුල්ලා රනිල්ටත් ගෝඨාටත් ගේම දුන්නා පමණක් නොව ‘තමුසෙලා මොන නාඩගම නැටුවත් පාර්ලිමේන්තුවේ බහුතර පොහොට්ටු බලය තියෙන්නේ අපේ අතේය’ යි සංඥාවක් ද දුන්නේ ය.

දැන් ඇමැතිකම් දීම නම් දේශපාලන සූදුවේදීවත් කිසිම තැනක නම නොකියැවුණු ටිරාන් අලස් නම් ‘පාර්ලිමේන්තු ගොළුවා’ පොලිස් ඇමැති කර රනිල්ට තවත් පොල්ලක් හරස්කර තිබේ.

එක්කෝ අනුන්ගේ මගුලක මනමාලයාට ඇන්දා නම් රනිල් මේවා තේරුම්ගත යුතු ය.

‍නැතිනම් අපවත් මේවා දැනගෙන සිටිය යුතු ය.

එතකොට අඩු තරමින් වුවමනාවට වඩා අඬන්නේ නැතිවවත් ඉන්නට හැකිවන්නේ ය.

හරීන්ලා මනූෂලා විතරක් බයිට් කරමින් ආතල් ගන්නාවිට අපට මගහැරෙන්නේ මේ වාගේ කටුක යථාර්ථයන් ය.

( මුහුණු පොතෙන් උපුටා ගැනුණි)

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

Next Post

ඉන්දියාවේ සෘජු විදේශ අයෝජන වල සීඝ්‍ර ඉහළයාමක්

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.