හරක්කටා සහ කුඩු සළිඳු ඇතුළු කණ්ඩායම මැඩගස්සරයේ දී එරට ආරක්ෂක අංශවෙත කොටුවන්නේ අහම්බයකින් නොව, ලංකාව මුල්කරගෙන අන්තර්ජාතික මත්කුඩු ජාවාරමේ යෙදෙන ප්‍රබල පාතලයෙක් විසින් මැඩගස්කර් ආරක්ෂ අංශ වෙත ලබා දුන් ඔත්තුවක් මත බව මේ වනවිට හෙළිදරව් වී ඇත.
පාතාල මත්කුඩු ජාවාරම සම්බන්ධව පාතාලයේ ඇති වී තිබෙන මාරක තරගයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඔත්තුව ලබා දී ඇත්තේ මේ රටේ මත්කුඩු ජාවාරමේ මුල් පුරුකක් ලෙස සැලකෙන, වනවිට රට හැර ගොස් සිටින කුප්‍රකට ජාවාරම් කරුවෙකි.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ මාකඳුරේ මධුෂ්ව කිරුළපන කුඩු මොරිල් විසින් ඩුබායි පොලිසියට කොටුකර දුන් ආකාරයටම බව වාර්තා වේ.
පකිස්තානයේ මත් කුඩු ජාවාරම්කරුවන් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වන මේ පාතාල අපරාධකරුවා විවාහ වී සිටින්නේ පකිස්ථානයේ මත්කුඩු ජාවාම්කරුවකුගේ නැඟණියක් සමගය. කාලයක් ඔහු මෙරටින් පලාගොස් සැඟවී සිටියේ ද පාකිස්තානයේය.
පකිස්තානයේ ආරක්ෂක අංශවල සහයෝගය මත වර්ෂ 2014 දී පාකිස්තානයට යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුව අල්ලා ගෙන මෙරටට ගෙන එන්නේය. මත්කුඩු ජාවාරම සම්බන්ධව අධිකරණයෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවන අතර වසර පහකට ආසන්න කාලයක් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳමින් සිටියේය.
මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරගෙදරට ගිය ඔහු අවසානයේදී අභියාචනාධිකරණයෙන් නිදොස්කර නිදහස් කරන්නේය. ඒ සැනෙන් හෙතෙම යන්නේ ඩුබායි රාජ්‍ය්‍යටය.
මේ වනවිට ඔහුගේ කුඩු ජාවාරමට බරපතලම තරගකරු වී ඇත්තේ හරක්කටා බැවින් ඔහුව මේ තරගයෙන් ඉවත් කරගැනීම සඳහා සියලු සැලසුම් සකස් කර මැඩගස්කර් ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දෙන්නේ මේ පුද්ගලයාය.
මත්කුඩු ජාවාරම්කරුගේ ඉලක්කය වූයේ හරක් කටාව වූවත් අනපේක්ෂිත ලෙස පාණදුරේ කුඩු සළිඳු ඇතුළු හරක් කටාගේ ගෝල බාලයන් පිරිසක්ම මේ අවස්ථාවේ දී කොටු වී ඇතැයි විමර්ශන අංශ කියයි.