හරක්කටාගේ අනියම් බිරිය යැයි පැවසෙන ටීනා නැමැති කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 12, මිලි ග්‍රෑම් 800 ක් සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිහගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන දිනේෂ් මදුසංඛ නොහොත් බුලා යන අය දැනට රක්ෂිත බණ්ධනාගාර ගතව සිටින බව වාර්තා වේ.
ඝාතනයට ලක්වු එම්.ඩබ්. මදුර ලක්ෂිත නොහොත් මිදිගම හිච්චි මල්ලි යන අය සමග ද ඇය අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් විශේෂ කාර්ය බලකාය පවසයි.
තවද ඇය විසින් මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවරම් කරුවකු හා සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා නැමැත්තා සමඟ ද අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විමර්ශන අංශ කියයි.
ඇය විසින් හරක්කටා නැමැති සංවිධානාත්මක අපරාධ කරුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම් කටයුතු මෙහෙයවා ඇති බවත්, හරක්කටාගේ උපදෙස් පරිදි ටීනා නැමැත්තිය විසින් එම්.ඩබ්. මදුර ලක්ෂිත නොහොත් මිදිගම හිච්චි මල්ලි ඝාතනය සැලසුම්කොට ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි ද විශේෂ කාර්ය බලකාය පවසයි.