සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ ප්‍රභාත් මධුසංඛ හෙවත් මිදිගම චූටි නැමැත්තා ඕමානයේ දී අත් අඩංගුවට පත් වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මෙම තැනැත්තා පිළිබඳ නිල වශයෙන් කරුණු තහවුරු කරගැනීමෙන් අනතුරුව දිවයිනට රැගෙන එන බවය.
හරක්කටාගේ සමීපතම හිතවතා ලෙස සලකන මිදිගම චූටි ඔහු සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් මගින් විදෙස් ගතව සිටින සැකකරු අත් අඩංගුවට ගැනීමට ජාත්‍යාන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් ද නිකුත් කර ඇති බව පොලිසිය පැවසුවේය.
පසුගිය කාලයේ මාතර, වැලිගම සහ මිදිගම අවට සිදුවූ අපරාධ රැසකටම මිදිගම චූටි සම්බන්ධ බව විමර්ශන ආරංචි මාර්ග පවසයි.







