හමාස් සටන් කරුවන් විසින් පැහැරගත් එක්සත් ජනපද ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු ඊවේ (20) මුදා හැර තිබේ. ඒ 07දා හමාස් ප්‍රහාරයෙන් අනතුරුව ඇරඹුන යුද්ධයේ දී හමාස් සංවිධානය විසින් නිදහස් කළ පළමු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනාය.
මෙසේ මුදාහැර ඇත්තේ පසුගිය 7 වැනි දින හමාස් සංවිධානය විසින් දකුණු ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පැහැර ගනු ලැබූ ඇමරිකානුවන් වන ජුඩිත් තායි රනාන් (59) සහ ඇගේ දියණිය නටාලි රනාත්ය (17)ය.
චිකාගෝ නගරයෙන් පිටත ඉලිනොයිස් හි බැනොක්බර්න් හි සිටිනා නටාලිගේ පියා වූ යුරි රානාත් ඇය සමග දුරකථනයෙන් සම්බන්ධ වි තිබිණි. “ඇය ඉතා හොඳන් ඉන්නවා ඇයගේ පෙනුමත් ඉතාම යහපත්… මට ඉතා සතුටුයි “ ඔහු පවසා තිබිණි.
හමාස් සන්නද්ධ අංශයේ ප්‍රකාශකයෙකු වන අබු උබයිඩා මේ නිදහස් කිරිම ගැන ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ මෙම යුද්ධය සම්බන්ධව කටාර්හි ධනාත්මක මැදිහත්වීමේ ප්‍රයත්නයන්ට ප්‍රතිචාර වශයෙන් මානුෂික හේතූන් මත ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක් නිදහස් කළ බවය.
කෙසේ වෙතත් ඊශ්‍රයාල අගමැතිවරයා දන්වා සිටින්නේ මේ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමෙන් ඔහුගේ හමුදාවේ බෝම්බ හෙලීමේ විරාමයක් සිදු නොවන බවය.
“අපගේ පැහැරගත් දෙදෙනෙක් දැන් නිවෙස් බලා පැමිණ ඇත. පැහැරගෙන ගිය සහ අතුරුදහන් වූ සියලු දෙනා ආපසු ලබා ගැනීමේ උත්සාහය අපි අත් නොහරිමු. ” ඊයේ (21) රාත්‍රියේ නෙතන්යාහු ප්‍රකාශ කර තිබිණි. ඔහු පවසන්නේ ජයග්‍රහණය තෙක් අඛන්ඩ සටනක නිරතවන බවය.
හමාස් තුවක්කුකරුවන් ඊශ්‍රායලයට කඩා වැදී අති බහුතරයක් වූ සිවිල් වැසියන් සහිත පුද්ගලයන් 1,400ක්, ඝාතනය කර, තවත් 200ක් පමණ පැහැරගෙන යාමෙන් පසුව ඇතිවූ යුද්ධයේ දී ඊශ්‍රයාල බෝම්බ ප්‍රහාරවලින් ගාසා තිරයේ සිවිල් වැසියන් 4137ක් මිය ගොස් අති බව පලස්තීන නිලධාරීහු කියති. මේ අතර සිටින බහුතරය දරුවන් වීම ඛේදවාචාකයකි. එම ප්‍රහාරවලින් මිලියනයක් පමණ මේ වනවිට උන් හිටි තැන් නැති සරණාගතයින් බවට පත් වී ඇතැයි පලස්තීනය කියයි.







