-
හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියේ අදියර 02ට 2019 දී විදේශ ණය ලෙස ලැබුණු රුපියල් කෝටි 816ක් රජයේ මුල්‍ය ප්‍රකාශනවල හෝ ශ්‍රි ලංකා වරාය අධිකාරියේ මුල්‍ය ප්‍රකාශනවල ඇතුළත්වි නෑ…
-
වර්ෂ 2018 හා 19 දී ලැබුණු විදේශ ණය රුපියල් කෝටි විසි එක් දහස් හදනවයක් 2019 අවසන්වන තුරුත් විදේශ ණය ලෙස ගිණුම්ගත කර නෑ…
ලලිත් චාමින්ද –
හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතියේ අදියර 02 යටතේ 2019 වර්ෂයේ දී ලැබි තිබු රුපියල් බිලියන 8.16ක් වු විදේශණය මුදල රජයේ මුල්‍ය ප්‍රකාශනවල හෝ ශ්‍රි ලංකා වරාය අධිකාරියේ මුල්‍ය ප්‍රකාශනවල ඇතුළත්වි නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වේ.
2019 දෙසැම්බර් මස 31 දිනට හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා රජය විසින් ලබාගත් ණය වලින් රුපියල් බිලියන 172.72ක ණය ශේෂයක් ගෙවිය යුතුව තිබුණි. මේ සම්බන්ධයෙන් 2017 ජුලි 20 වැනි දින වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය මගින් අමාත්‍යමණ්ඩල සංදේශයක් ඉදිරිපත් කොට තිබුණි. ඒ සදහා 2017 අගෝස්තු මස 04 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදි තිබුණි.
ඒ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා රජය විසින් ගණු ලැබු ණයවලින් තවදුරටත් ගෙවිය යුතු ණය ශේෂය ආපසු ගෙවිමේ වගකිම එකි සහන ගිවිසුම බලාත්මකවන දිනයේ සිට බලපැවැත්වෙන පරිදි මහාභාණ්ඩාගාරය විසින් භාරගෙන තිබුණි. එහෙත් එම ණය ශේෂය වරාය අධිකාරියේ 2019 දෙසැම්බර් මස 31 වැනි දිනට මුල්‍ය ප්‍රකාශනවලින් ද ඉවත්කර තිබු බව විගණන වාර්තාවේ දැක්වේ.
එමෙන්ම 2019 වර්ෂයේ උපලබ්ධි වු විදේශ ණය ගිවිසුම් 129කට අදාලව රුපියල් බිලියන 176.84ක් හා විදේශ ණය ගිවිසුම් 19කට අදාලව 2018 වර්ෂයේ දි හෝ ඊට පෙර උපලබ්දි වු රුපියල් බිලියන 33.4ක් ලෙස එකතුව රුපියල් බිලියන 210.19ක් 2019 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින වනවිටත් විදේශ ණය ලෙස ගිණුම්ගතකර නොතිබු බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.