සූරියවැව නුවන් ජයසේකර-
හම්බන්තොට ලංකා ලුණු සමාගම ඉතිහාසයේ මසක් තුළ ඉපැයූ වැඩිම ආදායම මේ වසරේ මාර්තු මස තුළදී ලබා ගැනිමට සමත් වී ඇත.
එය රුපියල් මිලියන 700 ඉක්මවා ඇති බවත්, මෙය ලංකා ලුණු සමාගම් ඉතිහාසයේ මසක් තුළ ඉපැයු වැඩිම ආදායම ලෙස ඉතිහාසගත වන බවත් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නිතීඥ චමින්ද සූරියපටබැදි පැවසීය.
සභාපති වරයා මේ බව පැවසුවේ ඊයේ ( 01) දින ලංකා ලුණු ලේවායේදි මාධ්‍ය හමුවක් පවත්වමිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු සභාපති වරයා මෙලෙස පැවසීය.
මේ වසරේ මුල් කාර්තුව තුළදි පැවති අයහපත් කාල ගුණය නිසා අපට අපේක්ෂිත ලුණු අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වුනා. නමුත් මුල් කාර්තුව තුළදී ලුණු අළෙවියේ කැපී පෙනෙන් වෙනසක් සිදුකිරිමට ලංකා ලුණු සමාගම සමත් වෙලා තියෙනවා.
ලුණු නිශ්පාදනය කියන්නේ ස්වභාව ධර්මය සමග මුසුව සිදුකරන කාර්යයක්. 2023 වසරේ ජනවාරි,පෙබරවාරි හා මාර්තු කියන මාස තුන තුළදී පමණක් මිලියන් 110කට වැඩි ආදායමක් ලබා ගැනීමට අප සමත් වෙලා තියෙනවා. ඒ අතරිනුත් මාර්තු මස තුළදි පමණක් මිලියන 700කට අධික මුදලක් අපයා ගැනීමට හැකිව තියෙනවා.මෙ ලංකා ලුණු ඉතිහාසයේ තැබූ වාර්තාවක් ලෙසයි අපි දකින්නේ.
මම සභාපති වරයා විදියට පත්ව ඇවිල්ලා තවම වෙන්නේ මාස තුනකට ආසන්න කාලයක් .ඉතින් එම කාල පරිජ්චේදය තුළදි සේවකයන් තුළ පැවති දුර්මත ඉවත් කරලා,වෘත්තීය සමිති සමග කතා කරලා සියළු දෙනාම එක තැනකට ගෙනත් ඔවුන් සමග සාකච්ජා කරලා මේ ආයතනය දියුණු කිරිමට කැපවිමට හැකිවිම සතුටට කරුණක්. වෘත්තිය අයිතිවාසකම් දිනා ගන්න නම් පළමුවෙන්ම අපි වැඩ කල යුතුයි. වැඩ කරන්නේ නැතිව ආයතනයක් ලාබ ලභන්නත් බෑ. ආයතනයක් ගාභ ලබන්නේ නෑ කියන්නේ සේවකයන්ට නිසි පරිදි පඩි නඩි ටික වගේම වෙනත් දිමනා ලබා දෙන්න හැකියාවක් නෑ .ඒ නිසයි මං සේවකයන්ට වගේම වෘත්තීය සමිති නායකයන්ට කිව්වේ පළමුව අපි වැඩ කරලා ඉමු කියලා .එහි ප්‍රථිපලයක් තමයි අද අපි මේ ලබාගෙන තියෙන්නේ.
ඒ වගේම ලංකා ලුණු ලේවායට අමතරව ලංකාවේ තවත් ලුණු ලේවායන් කිහිපයක්ම තියෙනවා. පසුගිය කාලවලදී එම ලුණු සමාගම් වලට වාර්තාගත ලුණු අස්වැන්නක් අපි දන්න තරමින් ලබා ගැනිමට නොහැකි වුණා. නමුත් හම්බන්තොට ලුණු සමාගමට අයත් සියළුම ලේවායන් තුළින් අපි 2022 වසර තුළදි ලුණු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ දහදාහකට වැඩි ඉහළ ලුණු අස්වැන්නක් ලබා ගෙන තිබුණා. ඒත් සමගම මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය වසරේදී ලුණු ආනයනය සිමා කරන ලෙස ජනාධිපති වරයාගෙන් සිදුකල ඉල්ලිමට අනුව මෙරටට ලුණු ආනයනය සිමා කිරීමත් මෙම වාර්තා ගත ආදායම ලබා ගැනිමට හේතුවක් වුණා. ඒ අනුව ලංකා ලුණු අවශ්‍යතාවයේ සියයට 70කට වැඩි පුමාණයක් දැනට සැපයිමට හම්බන්තොට ලංකා ලුණු සමාගම සමත් වෙලා තියෙනවා.