නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී යතුරුපැදි ශ්රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හම්බන්තොට කුරුළු උයන හිමිකරු අද (30) ඇප මත මුදා හැර තිබේ.
මෙම නියෝගය අද හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කරන ලදී.
දින ගණනාවක් පොලිසිය මඟ හරිමින් සිටි සැකකරු ජූලි 17 වන දින කොළඹදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.







