සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපති ලෙස වෛද්‍ය තමර කළුබෝවිල වැඩ භාරගනී!

by editor
ජූලි 30, 2025
in පුවත්
Thamara-kalubovila
Share on FacebookShare on Twitter

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස පත් කර එවූ  වෛද්‍ය තමර කළුබෝවිල  අද (30) උදෑසන  සිය ධූරයේ වැඩ භාර ගත්තේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නිලන්ද ජයතිස්ස විසින් පත් කර එවූ හිටපු සභාපති ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයංග තිලකරත්න ජයවර්ධනපුර රෝහල් පරිපාලනයේ මුළුමනින්ම අසාර්ථක වූ පසු නැගුන විරෝධය හමුවේ ඉල්ලා අස්වුනේය. ඒ ඔහු ඉවත් කිරීමට සූදානමක් පැවති පරිසරයක බව අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේය.

දඹුල්ල රෝහලට වාර්ෂික ස්ථානමාරුවීම් අනීතික ලෙස අවලංගු කර ඔහු කාසල් වීදිය කාන්තා රෝහලේ නේවාසික විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස පත්කිරීමට කටයුතු කිරීම සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ දැඩි විරෝධය සෞඛ්‍ය ඇමතිවරයාට  එල්ලවත්ම නිසි මාරුවීම් ක්‍රියාවලිය අනුගමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිද්ධ වූ අතර ඔහුව දඹුල්ල රෝහලට මාරු කර යැවීය.

ඒ සමගම රෝහල් පරිපාලනයේ බිඳ වැටීම සම්බන්ධව ඔහුට රජයේ වෘත්තීය සමිතිය හැරුණු විට අනෙක් සියලුම පාර්ශවයන්ගෙන් බරපතල චෝදනා එල්ල වූයේය. එම චෝදනා අතර වූ එක් කාරණාවක් වූයේ ජයවර්ධනපුර රෝහලේ රජයේ වෘත්තිය සමිති  නායකයා වූ විදුලි කාර්මිකයා තමන්ට අවශ්‍ය ලෙස හිටපු සභාපතිවරයාව මෙහෙයවන බවය.

මේ තත්ත්වය තුළ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ජයංග තිලකරත්න එම ධූරයෙන් ඉල්ලා අස් වූ පසු  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින්  වෛද්‍ය තමර කළුබෝවිල  ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස පත් කර,  ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ (29) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී භාර දුන්නේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇති වෛද්‍ය තමර කළුබෝවිල මහතා 1986 වසරේ දී කොළඹ වෛද්‍ය පීඨයෙන් MBBS වෛද්‍ය උපාධිය ලබාගෙන වෛද්‍ය වෘත්තියට  පිවිස ඇත.

පානදුර රෝහලෙන් වෛද්‍යවරයකු ලෙස සිය රාජකාරී දිවිය ආරම්භ කළ ඔහු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මාතෘ හා ළමා වෛද්‍ය නිලධාරී, වසංගත රෝග වෛද්‍ය නිලධාරි, ආයතන භාර වෛද්‍ය නිලධාරී ආදී වශයෙන් තනතුරු රැසක සේවයෙන් පසු හොරණ රෝහලේ වෛද්‍ය අධිකාරී ලෙස වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයට පිවිස තිබේ.

වෛද්‍ය පරිපාලන සේවාවට අදාළ පශ්චාත් උපාධිය කොළඹ පශ්චාත් උපාධි ආයතනයෙන් 2002 වසරේ ලබාගෙන ඇති වෛද්‍ය තමර කළුබෝවිල   ඉන් අනතුරුව පානදුර රෝහල, හොරණ රෝහල, කළුතර මහ රෝහලේ මෙන් ම  කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ ලෙසත්, කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (RDHS) ලෙසත් කටයුතු කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හම්බන්තොට කුරුළු උයන හිමිකරු ඇප මත නිදහස්…

Next Post

රිය පැදවීමකදී සති දෙකකට කලින් මත්ද්‍රව්‍ය පානය කොට තිබුණත් රියදුරාට වැඩ වරදියි… මත්ද්‍රව්‍ය භාවිතා කොට රිය පැදවීමේදී අනතුරු සිදුවන්නේ මෙහෙමයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.