යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය නම් කරමින් නිකුත් කරන 2222/62 දරන අති විශේෂ ගැසට් පත්‍රය මුද්‍රණයට බාර දුන් බව වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසයි.
මෙම ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රියට පෙර මුද්‍රණයෙන් පිටවනු ඇති බවද ලේකම්වරයා කීවේය.
මෙම යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය 2011 වසරේ දී සැලසුම් සකසා අවසන් කර ඇත. ඒ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධ ගජමිතුරෝ වැඩසටහන මගිනි.
එම ව්‍යාපෘතියට 2012 වසර වනවිට සියලු රාජ්‍ය ආයතනවල ද අනුමැතිය ලැබී තිබිණි.
මෙම රක්ෂිතය ගැසට් කරන ලෙසට ඉල්ලමින් හම්බන්තොට වල්සපුගල දී ගොවීන් ඇතුළු විවිධ ජන සංවිධාන එක්ව ආරම්භ කරන ලද විරෝධතාවයන් ද මේ වන විටත් ක්‍රියාත්මකය.