ලලිත් චාමින්ද –
හබරාදූව පොලිස් වසමේ හරුමල්ගොඩ පන්සල අසල පිහිටි තානායමක් ඉදිරිපිට දී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (28) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව හබරාදූව පොලිසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙනියගොඩ, හරුමල්ගොඩ හබරාදුව පදිංචි 34 හැවිරිදි තරුණයෙකු සහ ත්‍රීරෝද රථයේ රියදුරු වන 49 හැවිරිදි අඟුළුගහ පදිංචි පුද්ගලයෙකු බවද පොලිසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් රිවෝල්වර වර්ගයේ ගිණි අවියකින් 34 හැවිරිදි පුද්ගලයා ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් මොහු ඉන් බේරිම සදහා අසල මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකට ගොඩවි ඇති බවත් විමර්ශනවලින් හෙළි වී තිබේ.
එහිදී වෙඩික්කරුවන් එම ත්‍රීරෝද රථයට ද වෙඩි තබා ඇත. එම වෙඩි ප්‍රහාරය ත්‍රී රෝද රථයේ රියදුරා වූ 49 හැවිරිදි අඟුළුගහ පදිංචි පුද්ගලයා ද තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි







