සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමළ පොදු අපේක්ෂකයාට සහය දෙන්නෙ නෑ… ශ්‍රී ධරන්ලාගේ සුමන්තිරන්ලාගේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය කියයි!

රනිල්ට සහය දෙන බව කියන්න කල් වැඩියි... ඔහු ගැන ප්‍රසාදයක් තියනවා... ශ්‍රී ධරන් මාධ්‍යයට පවසයි!

by editor
ජූලි 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ උත්සාහයට අනුබල නොදෙන බවත් එවැනි  අපේක්ෂකයෙකුට සහය පල කිරීමක් නොකරණ බවත් ප්‍රකාශ කරයි.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් අද (30) කිළිනොච්චියේ දී පැවසුවේ  දෙමළ ජනතාවගේ අයිතීන් සුරකින අයෙකුට සහය දීමට තම පක්ෂය තීරණය කර ඇති බවය.

කිළිනොච්චියේදී  මාධ්‍ය  හමුවකට එක්වෙමින් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ  කළේ  ජනාධිපතිවරණයට දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් පසුව දෙමළ ජනතාවට වර්ථමානයේදී ලැබෙන සැලකිලි පවා අහිමි වී යන බවය.

මේ නිසා මෙවර ජනාධිපතිවරණයට ප්‍රධාන දේශපලන පක්ෂවලින් නාම යෝජනා ලබා දෙන අපේක්ෂකයින් සමග සාකච්ඡා කොට ඔවුන් අතරින් දෙමළ ජනතාව පිළිගන්නා පෙඩරල් ක්‍රමයට සමාන පාලන බලයක් හා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමට පොරොන්වන අපේක්ෂකයාට සහය ලබා දෙන බවත් කියා සිටියේය.

වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබා දීමට යම් අපේක්ෂාවක් ඇත්දැයි මාධ්‍යවේදියෙකු ශ්‍රී ධරන් මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තවමත් ඔහු දෙමළ ජනයාගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීම තම පක්ෂය විසින් අගය කොට සලකන බවය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තම පක්ෂය සහය ලබා දෙන්නේ යැයි ප්‍රකාශ කිරීමට තවමත් වේලාසන වැඩි යැයිද  ඔහු සඳහන් කළේය.

අගෝස්තු මස 10 හා 11 යන දිනවලදී ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම් පැවැත්වෙන බවත් එහිදී පක්ෂය සහය ලබා දෙන අපේක්ෂකයා ගැන තීන්දුවක් ගන්නා බවත්,  එම  මධ්‍යම කාරක සභා රස්වීවලින්  අනතුරුව පක්ෂයේ මතවාදය ප්‍රකාශ කරණ බවත් ඔහු  මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හබරාදූවේ වෙඩි තැබීමක්… දෙදෙනෙක් වෙඩි වැදී රෝහලේ!

Next Post

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඉල්ලා අස් වෙයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.