‘චන්ද්‍රයාන්’ සාර්ථකව සඳ මත ගොඩ බැසීමෙන් පසුව ‘ආධිත්‍යා – එල්01’ අභ්‍යාවකාශ යානාව සැප්තැම්බර් දෙවැනිදා දියත් කිරීමට දැනට දින නියම කරගෙන තිබෙන බව ඉන්දියානු අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය පවසයි.
සූර්ය – පෘථිවි පද්ධතියේ එල් 01 (සූර්ය පෘථිවි ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය) වටා පිහිටි හලෝ කක්ෂයේ, ආදිත්‍ය එල්01 කක්ෂගත කිරීමට සැලසුම් කර තිබේ.
මෙමඟින් සූර්ය ඉහළ වායුගෝලීය ගතිකත්වය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම, වර්ණදේහ හා කිරීටක උණුසුම පිළිබඳ අධ්‍යයනය, අර්ධ වශයෙන් අයනීකෘත ප්ලාස්මාවේ භෞතික විද්‍යාත්මක තත්ත්වය, කිරීටක ස්කන්ධ පිටකිරීම් ආරම්භකිරීම් හා ගිනිදැල් සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සේම, සූර්යයාගේ සිට අංශූ ගතිකත්වය අධ්‍යනය සඳහා දත්ත සපයන ස්ථානීය අංශු හා ප්ලාස්මා පරිසරය නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කරයි.
සූර්ය මෙහෙයුම සඳහා නිර්මාණය කරන ලද අභ්‍යාවකාශ යානය සූර්ය කිරීටයේ දුරස්ථ නිරීක්ෂණ ලබා ගැනීමට හා පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.5 ක් පමණ දුරින් පිහිටි එල් 1 හි සූර්ය සුර්ය සුළඟ පිළීබඳ ස්ථානීය නිරීක්ෂණ ලබා ගැනීමට ද සමත් වෙනු ඇතැයි අභ්‍යාවකාශගාමීන් විශ්වාස කරන බව ‘ඉකොනොමික් ටයිම්ස්’ වාර්තා කරයි.