දිනසේන රතුගමගේ –
ඉන්දියානු නාවික හමුදාවට අයත් අති නවීන පහසුකම් වලින් යුත් ” සින්දු ෂාස්ට්‍රා” නැමති සබ්මැරීනය ශ්‍රී ලංකාවට ආසන්නයේ පිහිටි තූත්තුකුඩි වරායේ නතර කොට තිබීම උතුරේ ධිවරයින්ගේ ආරක්ෂාවට විශාල ගැටලුවක් වී ඇති බව උතුරේ ධීවර සමීති නායකයන් ඊයේ ( 18 ) රාමේස්වරන් ධීවර සමීති නියෝජිතයින්ට දැණුම් දී තිබේ.
මුලින් තූත්තුකුඩි වරායේ නවතා තිබූ එම සබ්මැරීනය මේ වන විට කට්ටබොම්මාන් නාවික හමුදා කඳවුර ආසන්නයේ නවතා ඇති බව පවසන උතුරේ ධීවර සංගම් නියෝජිතයන් එම සබ්මැරීනය මගින් ඔත්තු බැලීමේ කටයුත්තක් ආරම්භ කොට ඇති බවටද සැක පහල කොට සිටිති.
හදිසියේම පැමිණි මෙම සබ්මැරීනය නිසා උතුරේ ධීවරයින්ට ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුවිය හැකි සෑම ආකාරයකම තර්ජන පිළිබදව තූත්තුකුඩියේ නාවික හමුදාව දැනුවත් කරන ලෙස උතුරේ ධීවර සමීති නියෝජිතයෝ රාමේස්වරන් ධීවර නායකයින්ගෙන් ඉල්ලා ඇත.