කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බවට හේතු දක්වමින් ඇමරිකානු ඩොලර් ලෝක බැංකු අධාරද අහිමිකරගනිමින් ක්‍රියාක්මක කළ අරුවක්කාලු සනිපාරක්ෂක කසල රැදවුම් ව්‍යාපෘතිය වසර 02ක් ප්‍රමාද වී ඇති බවත් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැති බවත් ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
අදාල කොන්ත්‍රාත්කරු විසින් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු 2022 ජුනි මස 15 වැනිදින සිට බලපැවැත්වෙන පරිදි අත්හිටුවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
රජයේ හා ලෝක බැංකු ප්‍රසම්පාදන වලට අනුකුලව කොන්ත්‍රාත්තුව ප්‍රදානයේ දි විනිවිදභාවයකින් සිදුකර නොමැති බවට ලෝක බැංකු සමාලෝචන කණ්ඩායම නිරික්ෂණ ඉදිරිපත් කර තිබුණි.
එහෙත් මෙකි ව්‍යාපෘතිය කඩිනමින් නිම කළ යුතු බවට හේතු දක්වමින් කොන්ත්‍රාත් ප්‍රදානය සම්බන්දයෙන් නැවත ඇගයිමක් සිදුනොකර දේශිය අරමුදලින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට තිබුණි. මේ නිසා ව්‍යාපෘතියට ලබාදිමට එකගවු ඇමරිකානු ඩොලර් ලක්ෂ හතක ලෝක බැංකු ආධාරද අහිමිවි තිබුණි.
ව්‍යාපෘතිය සඳහා මේ වනවිට රුපියල් මිලියන 18,601.49 ක ( කෝටි 1860 කුත් දාහතර ලකෂ අනූ දාහක්) මුදලක් වැයකොට ඇත. කොන්ත්‍රාත්කරු සදහා 2021. 12.31 දිනට බිල්පත් සදහා රුපියල් මිලියන 4,494.61ක (කෝටි 449කුත් හතලිස් හය ලක්ෂ එක් දාහක්) මුදලක් ගෙවිමට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මෙකි ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 19,127 ( කෝටි 1927කුත් හැත්තෑ ලක්ෂයක්) කි. . ව්‍යාපෘතිය 2018 ජනවාරි මස 01 වැනිදින ආරම්භකර 2019 ජුනි මස 30වනවිට අවසන් කිරිමට සැලසුම්කොට තිබුණි.
මේ වනවිට ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතුවලින් සියයට 87ක ඉදිකිරිම් කටයුතු අවසන් කොට ඇති බවද නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලිම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත







