මෙම වසරේ හජ් වන්දනාව සඳහා ඉන්දීය හජ් කමිටුව විසින් සූදානම් කළ හජ් 2023 ප්‍රතිපත්තිය පසුගියදා ප්‍රකාශයට පත්කරනු ලැබීය.
ඒ අනුව මෙම වසරේ හජ් වන්දනාව සඳහා සහභාගීවීමට සූදානම් පිරිස් සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි ස්ථාන 25ක් හදුන්වා දීමට පියවරගෙන ඇත. මෙම අයැදුම්පත් ගාස්තුවකින් තොරව සැපයීමට පියවරගෙන ඇති බවද ඉන්දීය හජ් කමිටුව සඳහන් කළේය.
ඉන්දීය හජ් කමිටු සාමිජකියකු වන අයිජාස් හුසේන් ප්‍රකාශ කර සිටියේ පසුගියදා කමිටුවේ සමාජිකයින් විසින් දීර්ඝ වශයෙන් පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව වන්දනාකරුවන්ගේ පහසුව සඳහා අදාල පහසුකම් සහ ඊට අදාල පහසුකම් සැපයීමට ඉන්දියාව පුරා මධ්‍යස්ථාන 25ක් ස්ථාපනය කිරීමට තිරණය කළ බවයි.
මෙම වසරේදී මීට පෙර ක්‍රියාත්මක කළ ප්‍රභූ වරන්ට ලබාදුන් කෝටාව අහෝසි කිරීමට පියවරගෙන ඇති බවද ඉන්දීය හජ් කමිටුව සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ හුසෙන් සඳහන් කර සිටියේ “මින් ඉදිරියට ප්‍රභූ කෝටාවක් නොමැත,” යනුවෙනි.
ඉන්දීය හජ් කමිටුව විසින් සෞදි ආරබි රජය සමඟ කළ සාකච්ඡා වලින් අනුතරුව මෙම වසරේ වන්දනා කරුවන් එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් හජ් වන්දනාවට එක කරගැනීමට නියමිතය.
හුසේන් පැවසුවේ රට පුරා සිටින බැතිමතුන්ට සුමටව පහසුකම් සැලසීමට අමතර මධ්‍යස්ථාන උපකාරී වනු ඇති බවයි. මෙම වසරේ මුළු වන්දනාකරුවන් සංඛ්‍යාව නියම කිරීම සඳහා ඉන්දියාව සෞදි රජය සමඟ ද්විපාර්ශ්වික ගිවිසුමට ජනවාරි 10 වන දින අත්සන් තබා තිබුණි.
මෙහිදී හුසෙන් පැවසුවේ ඉන්දීය හජ් කමිටුවේ මෙම වසරේ උත්සාහය වනුයේ පෙර වසරවලට සාපේක්ෂව මිල අඩු කිරීමට සහ ශුද්ධ නගර දෙකෙහිම වන්දනාකරුවන්ට වඩාත් හොඳ පහසුකම් සහතික කිරීම බවයි.