සමගි ජනබලවේගය විසින් ජනාධිපතිවයාට එරෙහි දෝෂාභියෝගයට සහ ආන්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහයෝගය ලබා දීමට අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කීපයක එකඟත්වය පල වී තිබේ.
මේ අනුව දෝෂාභියෝගයට හා විශ්වාසභංගයට එරෙහි කටයුතු සාර්ථකව සිදුවෙමින් ඇති බවට සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ලංකාසරට පැවසීය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු බහුතරයක් අද දහවල්වනවිට දෝෂාභියෝගයට සහ විශ්වාසභංගයට අත්සන් කර ඇති බව කී තිස්ස අත්තනායක ආණ්ඩුවේ සිට ස්වාධීනවූ අය සහ ආණ්ඩුවේ සිටින ඇතැම් මැති ඇමතිවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට සූදානමින් සිටින බව සඳහන් කළේය.
දෙමළ ජාතික සංධානය ද විශ්වාසභංගයට සහ දෝෂාභියෝගයට අත්සන් කිරීම සිදුවනු ඇතැයි ද ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයට පෙර එය පාර්ලිමේන්තුවට භාර දීමට කටයුතු කරනු ඇති බව ද තිස්ස අත්තනායක වැඩිදුරටත් කීවේය.







