පරිගණකයෙන් වැටුප් සැකසීමේ දී ඉතා සූක්ෂම රුපියල් කෝටි පහකට අධික මුදලක් වංචා කළ මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය ගිණුම් අංශයේ සේවිකාවන් දෙදෙනෙක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇතැයි පළාත් සෞඛ්‍ය ලේකම් ටී.ජයවික්‍රම පැවසීය.
මෙම ගිණුම් අංශ සේවිකාවන් දෙදෙනා කිසිවෙකුටත් නොදැනෙන ලෙස වසර පහක් තිස්සේ මෙම වංචාව කරගෙන ගොස් ඇතැයි හෙළි වී ඇත්තේ ප්‍රධාන ගණකාධිකාරීවරියගේ ඉල්ලීමක් මත දියත් කළ අභ්‍යන්තර විගණනයක දී ය.
මීට මාසයකට පමණ පෙර ඇති වූ සියුම් සැකයක් මත පදනම්ව ප්‍රධාන ගණකාධිකාරීවරිය විසින් මෙම අභ්‍යන්තර විගණනය ඉල්ලා තිබේ. එම විගණනයේ දී හෙළිකරගත් යම් කරුණු මත මෙම සේවිකාවන් දෙදෙනාගේ වැඩ තහනම් කර මුදල් වංචාවක් සිදුවී ඇති දැයි නිශ්ඡිතව තහවුරු කරගැනීමට විමර්ශනයක් ආරම්භ කරන ලෙස මධ්‍යම පළාත් සෞඛ්‍ය කාර්යාලයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබේ. අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ද ලිඛිතව දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත.
මේ වනවිට අදාල ගිනුම් අංශ ශාඛාව සීල් තබා ඇති අතර හෙට (14) උදේ මේ කාන්තාවන් දෙදෙනා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට නියමිත බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පවසයි.
මේ වනවිට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් මේ පරීක්ෂණය අවසන්වන තුරු විශේෂ විමර්ශන කමිටුවක් ද පත් කර තිබේ. .
මේ වංචාට චෝදනා ලද එක් තැනැත්තියක් තිදරු මවකි. අනෙක් කාන්තාව දෙදරු මවකි. මින් එක් කාන්තාවක් මින් පෙර මහනුවර මහ නගර සභාවේ ගිනුම් අංශයේ සේවය කරද්දී වංචා චෝදනාවලට ලක් වූ අයෙක් බව කියැවේ.