බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්මා මියගිය ගෑස් පිපිරුම ගැන පොලීසිය නොසළකා හැරි බව පුතා කියයි!

by Lanka Sara Editor
දෙසැම්බර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගෑස් පිපිරීමකින් තම මව අනතුරට පත්වුවද ඒ පිළිබඳ විමර්ශනයට ආ පොලිස් නිලධාරීන් විසින් මෙම අනතුර ගෑස් හේතුවෙන් සිදුවූවක් යැයි නොසළකා හැරි බවක් පෙනෙන්නට තිබූ බව මියගිය මාතලේ උඩුපිහිල්ල පදිංචි කාන්තාවගේ බාලපුතු වන තරංග ගමගේ මහතා පවසයි.

“අම්මා නැති වුණාට පස්සේ මාතලේ පොලිසියෙන් ආවා ඇවිත් gas cooker තියෙන තැන බලලා බිත්ති කඩාගෙන ගිහින් නෑනෙ, වීදුරුවත් කැඩිලා නෑනේ, මේවා පුපුරලා ගිහින් නෑනෙ කියලා බලලා ගියා. ඊට පස්සේ පළාතට වත් ආවෙ නෑ” යැයි හෙතෙම කියාසිටියේය.

ගෑස් සිලින්ඩරයේ බටය පිපිරී යාමෙන් මාතලේ උඩුපිහිල්ලේ පදිංචිව සිටි වයස අවුරුදු හැට අටක් වන චන්ද්‍රා කුමාරි හේරත් මහත්මිය මියගියේ ඉකුත් දෙසැම්බර් 6 වැනි සඳුදාය.

ගෑස් සිලින්ඩරයේ බටය පුපුරා යෑමෙන් ඇය තුවාල ලැබුවේ ඉකුත් නොවැම්බර් 19 වන දා අලුයම ය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඇය දින පහළොවකට වැඩි කාලයක් මාතලේ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිටියදී මියගියාය.

ඒ සම්බන්ධයෙන් ඇයගේ බාලපුතු වන තරංග ගමගේ මහතා සිදුවූ දෙය පිළිබඳ මෙසේ කියා සිටියේය.

“අම්මා එදා උදේ පාන්දර උයන්න ලෑස්ති වෙලා ගෑස් එක ඔන් කරලා තිබුනා. ගෑස් එකේ පිටිපස්සෙ බටේ පුපුරලා ගිහින් එයින් ආපු ගෑස් අම්මගේ ඇඟේ තැවරිලා පිච්චිලා ගිහින් තිබුණා.

එයින් ඇයගේ දෑත් දෙපා සහ පපු ප්‍රදේශයට බරපතල පිළිස්සුම් තුවාල ඇතිවී තිබුණා. එම පිලිස්සුම් තුවාල දිනෙන් දින වර්ධනය වී අභ්‍යන්තර ස්නායු පද්ධතියට හානි වීමේ හේතුවෙන් ඇයගේ මරණය සිදුව තිබෙනවා කියලා ඉස්පිරිතාලෙන් කිව්වා.

දානෙ තිබුනේ අද. මේක ඇත්තටම මිනිමැරුවා වගේ වැඩක්. මමත් අයියත් අක්කත් බලාගෙන අම්මා හිටියේ හරිම සතුටින්. එහෙම හිටපු අම්මාට කිසිම ලෙඩක් තිබුණෙ නෑ. කාගෙවත් තියන නොසැලකිලිමත්කමකට අපේ අම්මා ජීවිතෙන් වන්දි ගෙව්වා.

දැන් තාත්ත ඉන්නේ ඔහේ බලාගත්තු අත බලාගෙන. අම්මා නැති වුණාට පස්සේ මාතලේ පොලිසියෙන් ආවා ඇවිත් gas cooker තියෙන තැන බලලා බිත්ති කඩාගෙන ගිහින් නෑනෙ, වීදුරුවත් කැඩිලා නෑනේ, මේවා පුපුරලා ගිහින් නෑනෙ කියලා බලලා ගියා. ඊට පස්සේ පළාතට වත් ආවෙ නෑ. එයාලා හිතාගෙන ඉන්නේ අම්මා මැරුණේ gas එක පුපුරපු හින්ද නෙවෙයි කියලා වෙන්න ඇති. නමුත් අපේ අම්මා අපිව දාලා ගියේ මේ හදිසියේ ගෑස් එලියට ඇවිත් පුපුරලා ගිය නිසා.

අපේ ගෙදර ගෑස් ලිප තියෙන්න බිත්ති දෙකක් අතරින් වීදුරු ජනෙල් අල්මාරි කබඩ් කඩාගෙන හීරිලා යන්ඩ දේවල් එතැන නෑ. හානි වෙන්න තිබ්බ ලොකුම දේට තමයි මේ හානිය වෙලා තියෙන්නේ. ඒ අපේ අම්මගේ ජීවිතේ. මේවට වග කියන්න ඕනේ කවුද කියලා මම මේ සමාජයෙන් අහනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය සේවක වැටුප්වලින් කෝටි 05ක් ගැසූ නුවර ගිණුම් ලිපිකාරිණියන් 02ක්  මාට්ටු!

Next Post

ඩෙන්මාර්කයේ හිටපු අමාත්‍යවරියක් සිරගෙට

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.