සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොවිඩ් ආශ්‍රිතයෙක් වීමත් සමග නිරෝධායනය සඳහා යොමුව ඇතැයි වාර්තා වේ.
ඔහු යටතේ සේවය කරන සේවකයන් කීප දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමග ඔහු නිරෝධායනය සඳහා යොමු වී තිබේ.
කෙසේ වෙතත් මාධ්‍ය ප්‍රකාශකවරයා කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බව වාර්තා වේ.