-
එන්නත්කරණයට ලක් නොවී රටින් පිටවීමෙන් සහ රටට ඇතුළුවීමෙන් ඔමික්‍රොන් අසාදිත කාන්තාව වරදක් කර නෑ… එවැනි මාර්ගෝපදේශයක් රටේ නැ…
-
එන්නත් ආවරණයක් නැතිව රටට ඇතුලුවුන හැටි අහන අය එන්නත් ආවරණය නැතිව රටින් පිටවුන හැටි අහන්නෙ නෑ…
ඔමික්‍රෝන් ආසාධිතයෙකු රටට ඇතුළු වූ බව සොයාගනු ලැබුවේ රාසායනාගාර නිසි මාර්ගෝපදේශයක් නොමැතිව පවා වගකීමෙන් සේවය සැපයීම හෙතුවෙන් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංසදයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කළේය.
එසේම, ඔමික්‍රෝන් ආසාධිත කාන්තාවද කිසිදු මාර්ගෝපදේශයක් කඩ කර නොමැති බැවින් ආසාධිතයෙකු වූ පමණින් චෝදනාවට ලක් කිරිම, නිවැරදි මාර්ගෝපදේශ ලබා නොදෙමින් වසංගත පාලනය අයාලේ යාමට ඉඩ හැරි සෞඛ්‍ය බලධාරීන්ගේ වැරදි වසා ගැනීම සදහා සිදු කරන ක්‍රියාවක් බවත් ඔහු පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ අද කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.
“එන්නත් දෙකම ලබා නොගත් පාර්ශවයක් සදහා රටට ඇතුළුවීමට අනුමැතිය ලබාදීම පිළිබදව ප්‍රශ්න කරන ඇතැම් පාර්ශවයන්, එන්නත් ආවරණය නොමැතිව රටින් පිටවීම සදහා අවසර ලබාදීම පිළිබදව ප්‍රශ්න නොකිරීම පිළිබදව අපට විශාල ගැටළුවක් තිබෙනවා.“
“කෙසේ හෝ අදාල කාන්තාව සහ ස්වාමිපුරුෂයා එන්නත් නොමැතුව රටින් පිටවීමත්, නැවත රටට ඇතුලුවීමත් සිදුවී ඇත්තේ කිසිඳු නීතියක් හෝ උපදේශයක් කඩ කරමින් නොවෙයි. “
“එයීන් තහවුරු වන්නේ නීතිවල, මාර්ගෝපදේශවල හෝ ඒවා ක්‍රියාත්මක කරනු ලබන අයගේ අඩුපාඩුව මිස, මහ ජනතාවගේ අඩුපාඩුවක් නොවෙයි.“
“එසේම මේ වනවිට රටට ඇතුළුවන 99%ක් සදහා PCR පරීක්ෂාවන් සිදු කිරීමට ඇති හැකියාව අවහිර කර ඇති බැවින් ඕනෑතරම් ආගමනිකයින්, ඔමික්‍රෝන් ආසාධිතව නිදැල්ලේ රටට ඇතුළුවීමේ ඉඩකඩක් තිබෙනවා“.
“හදුනාගත් එකම ඔමික්‍රෝන් අසාධිතයා පවා හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ, On Arrival හෙවත් රටට ඇතුලුවීමේදී PCR පරීක්ෂණය සිදු කිරීමට රසායනාගාරයට කලාතුරකින් ලැබුණු ඉඩකඩ භාවිතා කරමින්.“
“එම කාන්තාව සහ ආශ්‍රිතයින් නිවැරදිව නිරෝධායනයට ලක් නොවූයේ රසායනාගාරයේ වරදකින් බව හැඟවීමට උත්සාහ කිරීම අප තරයේ ප්‍රතිකේෂ්ප කරනවා. නිසි මාර්ගෝපදේශයක් පවා නොමැතිව ප්‍රභේද පරීක්ෂණ දක්වා අදාල පරීක්ෂණ මෙහෙයවා ඇත්තේ රසායනාගාර වෘත්තිකයින්ගේ ස්වෙච්ඡා මැදිහත්වීම මතයි. “
“එසේම අදාල කාන්තාව රසායනාගාරයට පැමිණීම සහ පිටවීම දක්වා භාරකාරීත්වය තිබිය යුතු වන්නේ මහජන සෞඛ්‍ය අංශයට. වාර්තාව පිළිබදව අදාල පාර්ශවයන්ට කඩිනමි දැනුම් දීමේ වගකීමට අනුව වසංගත රෝග ප්‍රධානියා, ගුවන්තොටුපල අදාල බලධාරීන්, යුධ හමුදාව, ඇතුලු වගකිවයුතු පාර්ශව දහයකට පමණ පැය කිහිපයක් ඇතුළතදී අදාල දැනුම්දීම් සිදු කර තිබුණා. අදාල නිරෝධායන කටයුතු නිසි පරිදි සිදු නොවීමේ වරද රසායනගාරය පිට පැටවීම කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක්.“
“රටට ඇතුළුවීමේදී සියළු ආගමනිකයන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට තවදුරටත් ඉඩ ලබා නොදෙනෙ සෞඛ්‍ය බලධාරීන් මෙකී සියළු අවිධිමත් භාවයන්ට වගකිව යුතුය.“