සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ඉදිරියේ අද ( 31) පරීක්ෂණයකට මුහුණ දුන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට සදහා වෙනත් දිනයක් ඉල්ලා තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදුවන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන 8ට ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි.
අද දිනය තුළ ඔහුට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ද විනය පරීක්ෂණයක් ආරම්භ කළේය. මේ තත්වය මත විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කළ ඉල්ලීම ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් දැනුම් දී ඇත. දැනට කොවිඩ් ආසාදිතව සුවය ලබමින් සිටින තමන්ගේ සෞඛ්‍ය තත්වය අනුව දෙසතියක කාලයක් ඒ වෙනුවෙන් ලබා දෙන ලෙසත් අනතුරුව එම පරීක්ෂණය වෙනුවෙන් තමන් මුහුණ දෙන බවත් ඔහු නීතිඥවරයා මාර්ගයෙන් දැනුම් දී තිබේ.
අන්තර්ජාල මාධ්‍ය සාකච්ඡාවක දී ඖෂධ පිළිබඳව කළ විග්‍රහයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අද උදෑසන 8 ට ( 31 )අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.