අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශයෙ ඉන්න තරමක් ඉන්නෙ හෙංචයියෝ…

හිටපු  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර)  විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙනරගම

by editor
ඔක්තෝබර් 9, 2020
in පුවත්
Hemantha-Benaragama

විශේෂඥ වෛද්‍ය  හේමන්ත බෙණරගම

Share on FacebookShare on Twitter

විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙනරගම හිටපු  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර) ය. ඔහු පසුගිය දා තනතුරෙන්  විශ්‍රාම ගියේය. කොවිඩ් වසංගතය හමුවේ ප්‍රශස්ථ දායකත්වයක් දිය යුතු කලාපයක් ආවරණය කළ විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙනරගම ලංකාසර සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් මෙසේ පෙළ ගැසෙන්නේය.

  • මම කතා කරන්නෙ අවුරුදු 37ක පරිපාලන අත්දැකීම් එක්ක… සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සුදුසු එකම නිලධාරියක්වත් අද සෞඛ්‍ය අමාත්‍යංශයෙ නෑ…
  • වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉවත් කළේ ඔහු කොන්ද තියාගෙන ඍජු තීරණ ගත්තු නිසා. මේ ඔහු වැනි නිලධාරීන් අවශ්‍ය මොහොතක්…
  • සෞඛ්‍ය අමාත්‍යාංශයෙ හිටපු වෛද්‍ය පරීක්ෂණ ආයතනයට  සුදුසු හොඳම පරිපාලකයා තමයි ජයරුවන් බණ්ඩාර… ඔහු එය ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නුවා.

    Hemantha-Benaragama
    විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙණරගම

ඔබ  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් ( රසායනාගාර) තනතුරේ කාලයක් හිටියා. මේ තරම් ජාතික වැදගත්කමකින් යුතුව  පී.සී.ආර් පරීක්ෂණ ආරම්භ කරන්නෙ ඔබගෙ වකවානුවෙ.  අද පී.සී.ආර් පරික්ෂණ සිදුවන ආකාරය ගැන ඔබට  සතුටු වෙන්න පුළුවන්ද?

මම රසායනාගාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වෙන්නෙ වර්ෂ 2016 දි.    ඒ වෙනකොට පීසීආර් පරික්ෂණ කරන්න පහසුකම් තිබුණේ කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය තුළ පමණයි.  මගේ සේවා  කාලය තුළ රජයේ රෝහල් 14ක   පීසීආර් පරික්ෂණ සිදුකිරීමට අවශ්‍ය රසායනාගර නිර්මාණය කරන්න හැකි වුණා. මෑතකදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙත් රසායනාගාරයක් ස්ථාපිත කලා.

ඒ විතරක් නොවෙයි විශ්ව විද්‍යාල කීපයකත් පී.සී.ආර් පරික්ෂණ කරන්න පුලුවන් රසායනාගාර ඉදිකලා. ඒවා ක්‍රියාත්මක කරන්න අපට හැකි වුණා.  නමුත් මේ විෂය පිළිබඳ වර්තමාන තත්ත්වය ගැන නම් ඇත්තටම  සතුටු වෙන්න පුලුවන්කමක් නැහැ.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ඉන් අදහස් වන්නේ දැන් මේ ක්‍රියාවලිය නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බව ද?. සතුටට පත් නොවන්න ඇති හේතුව  මොකක් ද?

අද වන විට රටේ ඇතිවී තිබෙන කොවිඩ් වසංගතතත්ත්වය ඉතාමත් භයානකයි.  මම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කරන කාලේ දිනකට පී.සී.ආර් පරික්ෂණ 4500ක් කිරීමේ හැකියාව පැවතුණා.  මේ  පරික්ෂණ ප්‍රමාණය මීට වඩා වැඩිකළ යුතුයි. නමුත් තවමත් එසේ සිදුවෙලා නැහැ.  ඉතින් සතුටු වෙන්න පුලුවන් කමක් නෑ.

ඔබ කියනවා දිනකට සිදුකනර පී.සී.ආර් පරික්ෂණ ප්‍රමාණය වැඩිකළ යුතු බව. එය ජාතික වශයෙන් වැදගත් වන ආකාරය. ඒත් මේ පී.සී,ආර්. ප්‍රමාණය වැඩි වෙන්නෙ නැත්තෙ ඇයි.?  

පී.සී.ආර් පරික්ෂණ කොපමණ සංඛ්‍යාවක් කරනවාද කියලා තීරණය කරන්නේ වසංගත රෝග විද්‍යා අංශයයි. ඔවුන් ලබා දෙන නියැදි තමයි රසායනාගාර තුළ පරික්ෂාවට ලක්කරන්නේ.  ඔවුන්  දිනකට නියැදි 4500ක්  පරික්ෂා කිරීම සඳහා රසායනාගාර වෙත ලබා දෙනවා නම් දැනට වුණත් ඒ පහසුකම් රසායනාගාර සතුව පවතිනවා.  නමුත් මගේ අදහස මේ සංඛ්‍යාව ඉදිරි දින කීපයේදී තවත් වැඩි කළ යුතුයි කියලයි.

රසායනාගාරයන් තුළ සිදුකරන පී.සී.ආර් පරික්ෂණවල ගුණාත්මක භාවයට වගකියන වෛද්‍ය පර්යේෂණායතයේ   අධ්‍යක්ෂවරයාව එම තනතුරෙන් ඉවත් කිරිමට කටයුතු කර තිබෙනවා.   පී.සී.ආර් පරික්ෂණවල ගුණාත්මකභාවය රැක ගැනීමේ ගැටලුවක් මේ වැනි තීන්දු නිසා මතුවෙනවා නේද?  

සත්‍යවශයෙන්ම ඔව්. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තනතුරු දැරූ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියන්නේ ඉතා දක්ෂ වෛද්‍යවරයෙක්. ඔහු පරිපාලයෙක් නොවුණත් දක්ෂ වෛද්‍යවරයෙක්. ඔහුගේ දක්ෂතාවය නිසාමයි මගේ යටතේ තිබූ වෛද්‍ය පර්යේෂණායතනයට ඔහුව පත්කළේ.

මම  ඔහුව පත්කලෙත් නිකම්ම නෙවෙයි. වසර 37 මගේ පරිපාලන සේවා දැනුම භාවිත කරලයි මම ඔහුව මේ තනතුරට පත්කළේ. කොරෝනා වෛරසය පැතිර ගිය පසුගිය කාලයේදී අපි දැක්කා ඔහු ක්‍රියාකළ අන්දම.  පරික්ෂණ කටයුතු නිසි පරිදි සිදුකරනවා , ඒවායේ ගුණාත්මක භාවය මැන බලනවා, ඒ විතරක් නොවෙයි ජනතාව දැනුවත් කිරීමට පවා ඔහු නිරන්තරයෙන්ම කටයුතු කළා.

ඔහු නිවසටවත් ගියේ නැහැ‍. ඔහුගේ නිවහන වුණේ ඔහුගේම පෞද්ගලික වාහනය. ඒ තරම් කැපවීමෙන් කටයුතු කළ නිලධාරියෙකුව කුමන හේතුවක් නිසා තනතුරෙන් ඉවත් කළාද කියලා මටත් හිතාගන්න බැහැ.

එත් වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ තනතුරට අවශ්‍ය වෙන්නේ පලපුරුද්දක් සහිත පරිපාලන ක්ෂේත්‍රයේ  ජ්‍යෙෂ්ඨයෙක්. එවැනි කෙනෙක් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෙනුවට පත් වෙනව නම් එය වරදක් ද?

සෞඛ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් මට වසර 37ක පළපුරුද්දක් තියෙනවා. දැනට සෞඛ්‍ය අමාත්‍යංශය තුළ එහෙම ජ්‍යෙෂ්ඨයෙක් මම දකින්නේ නැහැ. ඉන්න පුද්ගලයින් අතර නියම සුදුස්සා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියලයි මට හිතෙන්නේ.

ඔබට අනුව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තනතුර සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙනත්  ‌ජ්‍යෙෂ්ඨයෙකු ඇත්තෙම නැද්ද?

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉන්න බොහෝ දෙනෙකුට සෘජු තීරණයක් ගැනීමේ ශක්තිය නැහැ. නමුත් මම දැක්කා වෛද්‍ය ජයරුවන් පසුගිය කාලේදී සෘජු තීන්දු තීරණ කීපයක්ම ගත්තා. ඒ හැම තීරණයක්ම ඉතාමත් නිවැරදියි කියලයි මට හිතෙන්නේ. මොකද හැමෝමත් එක්ක කථා කරලා ඒ අයගේ අදහස් සලකා බලා ඔහු කෙලින් තීරණ ගත්තා. සමහරවිට ඔහුගේ  සෘජු තීරණ ඉවසන්න බැරි අය ඔහුව එම තනතුරෙන් ඉවත් කරන්න කටයුතු කළාද දන්නේ නැහැ.

ඒ කියන්නෙ ඔබට අනුව    සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සෘජු තීරණ ගන්න පුලුවන් නිලධාරීන් නැහැ?.

සත්‍ය වශයෙන්ම ඔව්.  සෞඛ්‍ය අමාත්‍යංශය තුළ උසස් පත්වීම් දීලා තියෙන්නේ එක එක්කෙනාගේ හෙංචයියන්ට. පන්දම්කාරයින්ට. ඒ නිසා ඔවුන්ට කොන්ද කෙලින් තියාගෙන තීන්දු තීරණ ගන්න පුළුවක්කමක් නැහැ. එහෙම පුද්ගලයෙක් වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ තනතුරට පත් කළොත් එහි වැඩකටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවෙනවා.

අනික විශ්‍රාම යන්න ඔන්න මෙන්න තියෙන නිලධාරියෙක් මේ පුටුවට පත්කිරීමෙන් මම හිතන්නේ නැහැ මේ වෙලාවෙ රටට අවශ්‍ය සේවාව ලබා ගන්න පුළුවන් වෙයි කියලා. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර   දක්ෂ කාර්යශූර නිලධාරීයෙක්.  මේ වගේ වසංගතයක් පැතිර යන අවස්ථාවක එම තනතුරේ රැඳෙන්න අවශ්‍ය වන්නේ කාර්ය ශූර නිලධාරීයෙක් මිසක් විශ්‍රාම යන්න ඔන්න මෙන්න තියෙන වයසක කෙනෙක් නෙවෙයි.

ඔබ කියනවා සෞඛ්‍ය අමාත්‍යංශය තුළ උසස් පත්වීම් දීලා තියෙන්නේ එක එක්කෙනාගේ හෙංචයියන්ට කියලා. එහෙමනම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා සුදුසු පුද්ගලයෙක් නොමැති නිසාද එම තනතුර තවදුරටත් හිස්ව පවතින්නේ?

මම වගකීමෙන් කියනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර දරන්න සුදුසු කිසිම පුද්ගලයෙක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ නැහැ. පරිපාලන දැනුමක් තියෙන සෘජු තීන්දු තීරණ ගත හැකි කොන්ද පණ ඇති නිලධාරියෙක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ නැහැ.

 

 

 

 

 

 

 

 

 

 

 

.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලෙන් හෑන්ඩ් සැන්ටයිසර් සංවේදී ස්වයංක්‍රීය උපකරණයක්

Next Post

කොවිඩ් පොකුරට තවත් 16ක්… මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1069යි..

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.