ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩා හි කර්ම සර්විස් එල්එල්සී ‘Karma Services LLC’ නැමැති සෞඛ්‍ය සේවා බඳවා ගැනීමේ නියෝජිතායතනය ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය SLFEA සමඟ එක්ව ශ්‍රී ලාංකික හෙදියන්, රසායනාගාර කාර්මික ශිල්පීන් හා හෙද සහායකයින් සඳහා රැකියා අවස්ථා 550ක් ලබා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
Karma Services LLC හට ඉන්දියාවල UAE සහ USA කාර්යාල ඇති අතර එය ගෝලීය වශයෙන් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් බඳවා ගනු ලබයි.
‘කර්ම සේවා’ ආයතනය ලියාපදිංචි හෙදියන් 250ක්, රසායනාගාර කාර්මික ශිල්පීන් 100ක් සහ හෙද සහායකයින් 200ක් සඳහා රැකියා ලබා දී ඇත.
“Washington D.C. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයල SLFEA සමඟ සම්බන්ධීකරණයෙන්, එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකිකයන් සඳහා නීතිමය රැකියා අවස්ථා සුරක්ෂිත කිරීමේ තවත් මාර්ග ගවේෂණය කරමින් සිටියි.”
SLFEA විසින් දේශීය වශයෙන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරනු ඇත.