අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

කොළඹ සරසවියේ කුලපති සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ලංකාසරට කී කතාව...

by editor
මාර්තු 22, 2023
in පුවත්
Muruththettuwe-Ananda-Thero

මරුත්තෙට්ටුවේ ආනන්ද හිමි...

Share on FacebookShare on Twitter

සාකච්ඡාව – ශ්‍රියානි විජේසිංහ

පහුගිය වකවානුව පුරාම කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හිටියේ නිහැඬියාවකය. තීව්‍ර සටන් කාමියෙක් බව කියූ උන්වහන්සේ නායකත්වය දරන හෙද සංගමය වෘත්තිකයින් විසින් දියත් කළ වර්ජනයට ද කැපී පෙනෙන දායකත්වයක් දැක්වූයේ නැත. උන්වහන්සේ පවසන්නේ සෞඛ්‍ය වෘත්තිකයන්ට ඔය කියන තරම් අරෝවක් ආණ්ඩුවන් සිදුවී නැති බවය. රනිල් වික්‍රමසිංහ යනු අති දක්ෂයෙක් බවත් රනිල්ගේ  ඔලුවත් මහින්දගේ කඳත් තිබුණා නම් රට ගොඩනැගිය හැකි බවත් උන්වහන්සේ කියති. ලංකාසර රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් විමසුවෙමු. අප ඇසූ ප්‍රශ්නවලට උන්වහන්සේ ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය –  වෘත්තීය සමිති නායකයෙක් ලෙස මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අප රටට ලැබුණු ණය ආධාරය ගැන මොකද හිතෙන්නේ?
පිළිතුර –  මේ මොහොතේ ලංකාවට දුවන්න වෙලා තියෙන්නේ ණය ආධාරයෙන්. හැමදාම අනුන්ගෙන් ණයට කන්නේ නැතැයි ඔලුව උස්සන්න මේ රටේ සියලුම දෙනා එකට එකතු විය යුතුයි කියලයි මම කියන්නේ. නැතිනම් අපිට වෙන්නේ හැමදාමත් ණයට කන්න. අනාගත පරපුරම හැමදාමත් විදේශීකයන්ට ණය කාරයෝ වෙන එකයි වෙන්නේ.

ප්‍රශ්නය –  අපේ දරු පරපුර ණය කාරයෝ කළේ දේශපාලඥයින් කියලා මම කීවොත් ඔබ වහන්සේ මොකද කියන්නේ?‍

පිළිතුර –  සම්පූර්ණ ඇත්ත. මොකද වසර 74ක් පුරා මේ රට පාලනය කළ දේශපාලඥයින් තමයි මේ රට විනාශ කළේ. ඔවුන් හැමදාම කලේ පක්ෂ දේශපානය . ඔවුන් තමන්ගේ පක්ෂය හදාගන්න උත්සහ කලා මිසක් රට හදන්න උත්සහ කළේ නැහැ. ඒ ප්‍රතිපල දැන් අපි හැමෝ විතරක් නෙවෙයි අනාගත පරපුරම අත් විදිනවා.
‍
ප්‍රශ්නය –  මේ අවස්ථාවේ  වෘත්තීය සමිති නැවතත් තම වෘත්තීය ඉල්ලීම් ලබා ගැනීමට සටනට සැරසෙනවා. මේ ගැන මොකද හිතෙන්නේ?‍

පිළිතුර –  වෘත්තීය සමිති තම වෘත්තීය අයිතීන් දිනා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ පිලිබදව කිසිම තර්කයක් නැහැ. වෘත්තීය සමිතියක් හැම විටම තම වෘත්තීය අයිතීන් දිනා ගන්න අතරම රටේ සංවර්ධනයට දායකත්වය ලබා දිය යුතුයි. නමුත් අද වෘත්තීය සමිති බහුතරයකින් ඒ දේ ඉටුවෙන්නේ නැහැ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රශ්නය –  අද වෘත්තීය සමිතිවල තම වෘත්තීය අයිතීන් කප්පාදු කිරිමට රජය දිගින් දිගටම කටයුතු කරමින් පවතිනවා. ඒ අයිතීන් දිලා ගන්න නේද ඔවුන් මේ කටයුතු කරන්නේ ?

පිළිතුර – වෘත්තීය සමිති ඔය කියන තරම් වෘත්තීය අයිතීන් කප්පාදුවක් වෙලා නැහැ. විශේෂයෙන්ම මම කථා කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන. අපි ජනාධිපතිවරයා හමුවෙලා සාකච්ඡා කළා. එතනදී ඔහු පැහැදිලි කර දුන්නා කප්පාදුව වෙන අන්දම. අනික හැම කෙනෙකුගේම අසාධාරණ අයුරින් කප්පාදු වෙන්නේ නැහැ. මේ පිලිබදව හොඳින් අධීක්ෂණය කළ යුතුයි. එතෙකොට තමයි තේරුම් යන්නේ.
‍ප්‍රශ්නය –  වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියා කළාපය ඔබ වහන්සේ දකින්නේ කොහොමද?

පිළිතුර –  රට වැටුණ මොහොතක විශාල අභියෝගයක්, භාරදුර්ය කාර්යක් කරට ගෙන රට ඉදිරියට ගෙන යන අති දක්ෂකයෙක් ලෙසයි මම දකින්නේ. අපි ඉස්සර කිව්වේ “ රනිල්ගේ ඔලුවයි මහින්දගේ කඳයි ” තියෙනවා නම් රට හදන්න පුලුවන් කියලා.

ප්‍රශ්නය –  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියා කලාපය ගැන මොකද හිතෙන්නේ?

පිළිතුර –  ඇත්තටම ලක්ෂ 68ක් ඡන්දය අරගෙන අන්තිමට ඔහුට “ගෝඨා ගෝ හෝම්” කියන තැනට පත්වෙන් සිදුවුණේ ඔහුට උපදෙස් දෙන්න ඔහු වටා හිටිය කේවට්ටයන් නිසයි. වැරදි කේවට්ටයන් ලංකරගෙන වැරදි උපදෙස් පිලිපැද්දා.

ප්‍රශ්නය  –  වත්මන් ජනාධිපතිට උපදෙස් දෙන කේවට්ටයන් ගැන සෑහීමකට පත්වෙනවාද?
පිළිතුර –  වත්මන් ජනාධිපතිට උපදෙස් දෙන කේවට්ටයන් ගැන මට හරිහැටි වැටහීමක් නැහැ.
ප්‍රශ්නය –  ඔබ වහන්සේ සමග කාලයක් පුරා හෙද හෙදියන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටි වෘත්තීය සමිති නායකයෙක් අද ජනාධිපතිවරයා වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරනවා.  මොහු අද ජනාධිපතිට‌ උපදෙස් පවා දෙනවලු. ඔහුගේ ක්‍රියා කලාපය පිලිබඳ ඔබ වහන්සේගේ අදහස කුමක්ද?
පිළිතුර –  ඔහු උපදේශකයෙක් නොවෙයි. හැරෙන හැරෙන පැත්තට කතා කරන කෙනෙක්. ජනාධිපති ගණන් ගත්තට අපිනම් එදත් ගණන් ගත්තේ නැහැ. අද ගණන් ගන්නේත් නැහැ.
ප්‍රශ්නය –  අවසාන වශයෙන් ඔබ වහනසේට කියන්න තියෙන්නේ කුමක්ද?

පිළිතුර –  මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ රට මේ වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීම ට නම් දේශපාලනඥයින් , වෘත්තීය සමිති නියෝජිතයින්, ඇතුළු සමස්ත පුරවැසියන්ම එකට එකතු වී කටයුතු කල යුතු වෙනවා. යම් යම් කැපකීරීම් කළ යුතු වෙනවා. නැතිනම් සිදුවෙන්නේ බඩගින්න නිවා ගැනිමට අත්දෙක බැදගෙන නැවක් එනකල් මුහුද දෙසා බලා සිටීමටයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

Next Post

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.