ශ්‍රියානි විජේසිංහ –
DAT දීමනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති , සෞඛ්‍ය අමත්‍යංශයේ සහ භාන්ඩාගාර නිලධාරින් අතර අද (12) පැවති සාකච්ඡා අසාර්ථක වු බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
ඒ අනුව එම වෘත්තීය සමිති සන්ධානයේ නායකයින් අද සවස 2.00ට රැස්වි ඉදිරියේදී ගනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගයන් කවරේද යන්න පිලිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එම සන්ධානය නියෝජනය කරන රජයේ විකිරණ තාක්ෂණ නිලධාරීන්ගේ සංගමේය සභාපති චානක ධර්මවික්‍රම පවසයි.
වෛද්‍යවරුන්ට ගෙවන ලද රුපියල් 35000ක දීමනාවට අනුව සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ අනෙකුත් වෘත්තිකයන්ගේ මූලික වැටුපට සාපේක්ෂව මෙම දීමනාව ලබා දෙන මෙන් වෘත්තීය සමිති ඉල්ලීම් කළද මහා භාණ්ඩාගාර නිලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මේ මොහොතේ එපමණ මුදලක් ලබා දිය නොහැකි බවයැයිද හෙතෙමෙ පැවසුවේය.