ශ්‍රියානි විජේසිංහ –
ඉමියුනෝග්ලෝබියුලින් වංචනික ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වෙනුවෙන් පෙනී ඉන්නා නීතිඥවරයා පසුගිය කාලේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කළ අයෙකු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.
මෙම තත්ත්වය සදාචාරයට එකඟවන්නේ කෙසේදැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විමසා සිටියි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලංකාසරට මෙම ප්‍රකාශය ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්වන නීතිඥ මනෝජ් ගමගේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නීතිඥයා ලෙස පෙනී සිටීමේ සදාචාරය පිළිබඳ වෘත්තීය සමිති දැඩි ලෙස ප්‍රශ්න කරමින් සිටින පරිසරයකය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඍජුව ප්‍රකාශ කළේ දේශපාලන බලපෑම් සහිතව ඖෂධ නියාමන අධිකාරිය වැනි ආයතනවල අධ්යක්ෂ මණ්ඩලවලට පනිනා මෙවැනි හිවලුන් ඉවත්කර ගැනීමට ඖෂධ නියාමන අධිකාරියේ සභාපති කටයුතු කළ යුතු බවය.
“ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ මේ රටේ ස්වාධීන ආයතනයක්. ඒ අධ්යක්ෂ මණ්ලයේ සාමාජිකයෙක් කොහොමද ඖෂධ ජාවාරමක සැකකාරිත්වය ආරෝපණය වෙච්චි පුද්ගලයෙකුගේ නිවස ඉදිරියට ගිහින් ඒ පුද්ගලයා වෙනුවෙන් ඍජුව පෙනී ඉන්නේ.” යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ඇමතිවරයාගෙන් විමසා තිබිණි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මෙම ගනුදෙනුව සම්බන්ධව දීර්ඝ විස්තරයක් කරමින් ප්‍රකාශ කර සිටියේ මෙම වංචනික ගනුදෙණුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය දිගින් දිගටම ප්‍රකාශ කළ බවත් මෙම ගනුදෙනුව කාලාන්තරයක් පුරා සිදුවෙන සිදුවිම් මාලාවක එක් පියවරක් පමණක් බවත්ය.
මෙම විමර්ශනය වඩාත් පුළුල්ව විහිදිය යුතු බව කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහි තාක්ෂණ කාරණා, ලිපිලේඛණ ගැටලු , ඉන්දියි ණය යෝජනාක්‍රමය අවභාවිතා වූ අන්දම, අරමුදල් අවභාවිතා වීම් ආදි සියලු දේ සම්බන්ධව විහිදුන විමර්ශනයක් කලොත් පමණක් උසාවියේ දී කියැවුන ආකාරයට මහමොළකරු අල්ලා ගත හැකිවනු ඇති බව පෙන්වා දෙයි.
මේ රටේ නීතිය හැමදෙනාටම එකසේ ක්‍රියාත්මක විය යුතු බවත් එය මුදල් බලය, ජන බලය , දේශපාලන බලය මත වෙනස් නොවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.